ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් සිය භාරයට ගනු ලැබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 260 ක් සහ මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56 ත් එම මත්ද්‍රව්‍ය තොගයට ඇතුලත් බව සඳහන්.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 327 ක් පමණ වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
දින 14 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊයේ උදැසන දිවයිනට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබූ විදේශ යාත්‍රාවක් අත්තඩංගුවට ගන්නා ලද අතර, එහි තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
ධජයක් නොමැතිව පැමිණෙමින් තිබූ යාත්‍රාවේ සිටි ඉරාන ජාතිකයින් බවට විශ්වාස කරන පුද්ගලයින් හත්දෙනෙකුද අත්තඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...