COVID-19 වෛරසය ආසාදනය වී සුවපත් වූ චීන සහ කොරියානු රෝගීන් නැවත පසු විපරම් සඳහා වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කළ විට ඔවුන්ගෙන් සමහරෙකු වෛරසය ආසාදිතයන් බවට පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වීම නිසා වෛරසය මර්ධනය කිරීමට මෙතෙක් කල් අනුගමනය කළ ප්‍රදේශ හුදකලා කිරීමේ සිට එන්නත් ලබා දීම දක්වා වූ සිදු කළ කිසිදු ක්‍රියාමාර්ගයක් ප්‍රතිඵල රහිත තත්වයක් උදාවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර සිටී.
ඒ අනුව COVID-19 වෛරසය මෙතෙක් අනුගමණය කළ ක්‍රමවේද තුළ මර්ධනය කළ නොහැකි වෛරසයක් හෝ පරීක්ෂණ වාර්තා වැරදි දත්තයන් පෙන්වා ඇතැයි යන නිගමණ දෙකට එළඹිය හැකි බව වෛද්‍යවරු පවසති. දකුණු කොරියාවේ ඩෙයිගු පළාතේ වෛරසය ආසාදනය වී සුව වූ රෝගීන් 50ස් දෙනෙකු ආශ්‍රිතව ඔවුනට රෝගය නැවත වැළඳී ඇත්දැයි දැනගැනීම පිණිස කරණු ලැබූ වෛද්‍යය පරීක්ෂණ ආශ්‍රිතව ඔවුන් තවදුරටත් වෛරසය ආසාදිතයන් බවට දැක්වෙන ප්‍රතිඵල ලැබී ඇති බව රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ වූ කොරියානු මධ්‍යස්ථානය පවසයි.
“මෙම සුවපත් වූ ආසාදිතයින් නැවත කිනම් හෝ ක්‍රමයකින් වෛරස ආසාදනයට ලක් වී ඇති හෝ වෛරසය තමන් තුළින්ම නැවත මතුවීමක් සිදුව තිබෙනවා. නැවත වෛරසය ආසාදනයට තිබෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අසුරා දැමීමට කටයුතු කරන ගමන් අප මේ සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ වූ කොරියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ජොන්ග් ඉන් කියෝන්ග් මහතා මාධ්‍යය වලට පවසා සිටියේය.
කෙසේ වුවද වසංගත රෝග නිවාරණය පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ වෛරසය ආසාදනය වී සුව වූ අයට වෛරසය නැවත නැවත ආසාදනය වන්නේ නම් එය ඉතා නරකම තත්වයක් බවත් ඒ අනුව ආසාදිතයන් නිරෝධායනයට ලක් කරන කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු බවත් සමාජ දුරස්තීකරණ ක්‍රියාවලිය තවත් දිගු කළ යුතු බවත්ය. විය හැකි අනෙක් සිද්ධිය හෙවත් වැරදි පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. ඒ අනුව පරීක්ෂණ ක්‍රමවේද පිළිබඳවද නැවත සලකා බැලීම කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
දකුණු කොරියාව COVID-19 වසංගතය සාර්ථකව මැඬ්ලූ රටක් ලෙස උදාහරණ සැපයූ රටක් විය. ආසාදිතයන් 10400ක් සහ ආසාදනයෙන් සිදු වූ මරණ 204 ක් දකුණු කොරියාවෙන් වාර්තා වූ අතර දැඩි නිරෝධායන ක්‍රමවේද, සමාජය පුරා පැතිරුණු ආසාදිතයන් පරීක්ෂණයට ලක් කරණ විශාල පරීක්ෂණ ප්‍රමානයක් සහ වෛරසය ආසාදනය වූවන් සමඟ සම්බන්ධ වූවන් හඳුනා ගන්නා දියුණු ක්‍රම වේද මගින් වෛරසය පැතිරීම කෙටි කළක් තුළ පාලනය කරණු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...