පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වඩත්ත කොට්ටුකච්චිය නම් ස්ථානයේ පිහිටි ශ්‍රී සරණංකර පිරිවෙනෙහි වැඩවාසය කරන සාමනේර ස්වාමීන් වහන්සේලා ඇතුළු ගිහි පිරිසට ඇඳිරි නීතිය හේතුවෙන් දායකයන්ගේ සලාක දාන අහිමිව ගොස් ඇති බව ජාතික සංවිධාන එකමුතුවට දැන ගැනීමට ලැබුණු පසු ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ රුසියානු ශාඛාවේ ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගෙන් ජාතික සංවිධාන එකමුතුව එම පිරිවෙනට අවශ්‍යය ද්‍රව්‍යය සපයන ලෙස කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ මහතා විසින් පිරිවෙනට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍යය පරිත්‍යාග කරණු ලැබීය.
එම අවස්ථාවට හෝකන්දර දක්ෂිණාරම පිරිවෙනාධිපති පූජ්‍යය මහාචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර ශ්‍රී සරණංකර පිරිවෙනෙහි පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ විසින් පරිත්‍යාග භාර ගන්නා ලදහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...