කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇති තත්ත්වයක අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකෙන ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ මසකට අතිකාල දීමනා ලෙස ගෙවන මුදලින් කෝටි 25ක් පමණ මසකට ඉතිරි කරගැනීමට හැකිවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා තොග ගබඩා නිමාවේ (කොළොන්නාව) සේවකයන් 6200ක් පමණ සේවය කරන අතර, මසකට අතිකාල සඳහා රුපියල් කෝටි 28ක් (විසි අටක්) පමණ වැයවේ. එහෙත් අත්‍යවශ්‍ය සේවය යටතේ එම ආයතන දෙකේ සේවා මුර සඳහා දිනකට සේවකයන් 200ක් පමණ සේවයට වාර්තා කරයි.
සතියේ ඉරිදා සහ සඳුදා දිනවල සේවය කරමින් සඳුදා සහ ඉරිදා දිනයන්වල සේවය කරන සේවකයන්ට පමණක් අතිකාල දීමනා ලැබේ. එහෙත් අතිකාල දීමනා ලබාගැනීම සඳහා සති අන්තයට පමණක් සේවකයන් 500ක් පමණ වාර්තා කරන බව සඳහන් වේ.
සාමාන්‍යයෙන් දිනකට ලීටර් 6600 බවුසර 1600ක් පමණ තෙල් ලබාගන්නා අතර, මේ දිනවලදී බවුසර් 600කට ආසන්න ප්‍රමාණයක් දිනපතා පැමිණේ. සංස්ථාවේ බවුසර් 200කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර, එම බවුසර්ද සති අන්තයේ පමණක් ඉන්ධන ප්‍රවාහනයට යොමුකර ඇත.
ඉහළ නිලධාරියකු පැවසුවේ සේවකයන් 500කින් පමණ සංස්ථාවේ නඩත්තු කළ හැකි අතර, අනෙක් සේවකයන්ට වැටුප් ගෙවා නිවෙස්වල තබා තිබුණත් අතිකාල සඳහා යන කෝටි 25ක් මසකට ඉතිරි කරගත හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...