අලෙවිය සඳහා තබා තිබූ එළවළු තොඟයකට භූමිතෙල් දමා විනාශ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලංගොඩ නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයින් පිරිසක් ඇදිරි නීතිය හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ සිය එළවළු ලොරිය නවතා තම ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇති බව සඳහන්.
එහිදී එම ස්ථානයට පැමිණි නගරාධිපතිවරයා වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ව්‍යාපාරිකයින්ට දැනුම්දී ඇති අතර පසුව ඔහු එම එළවළු තොගයට භුමිතෙල් දමා විනාශ කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට ඓරහිව පරික්ෂණයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.
————————————————————————————————————————————–
බලංගොඩ සභාපතිගේ අමනෝඥ හැසිරීම (Video)
බණ්ඩාරවෙල සිට රත්නපුර බලා එළවළු අලෙවි කිරීමට පැමිණි ලොරි රථයක් රත්නපුර පොලිස් බල ප්‍ර දේශයට පනවා තිබෙන ඇදිරි නීතිය හේතුවෙන් එහි යාමට නොහැකිව බලංගොඩ නගරයේ ඊයේ එළවලු අලවි කරමින් සිටියදී එහි පැමිණි බලංගොඩ නගර සභාවේ සභාපති චාමික වැවේගොදර පැමිණ එම එළවලු තොගයට භූමි තෙල් දමා ගොස් ඇති බව වාර්තාවේ.
මෙවැනි අවස්ථාවක මෙවැනි වැඩ නොකර මෙම එළවළු තොගය සතුන්ට කන්නහෝ දුන්නානනම් මෙයට වඩා පින් අතේ වැඩක් බව එම එළවලු ලොරියේ හිමිකරුවන් කියයි. මෙවැනි තත්වයක් රටේ පවතින මොහොතක මෙවැනි අමනෝඥව කටයුතු කරන මිනිසුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට දැන් කාලය එළඹ ඇති බව ප්‍රෙද්ශයේ ජනතාව ප්‍රකාශ කරයි.
https://www.facebook.com/100043143403729/videos/208051290642983/?t=0
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පක්ෂයෙන්නම් අවුලක් නැහැ වගේ පොහොට්ටුවේ කෙනෙක් අතින්වූ වැරද්දකට බයියෝ වහල්ලු කියලා තව අසික්කිත වදන් දානවුනුත් වගේ වගක් නැහැ…