එළැඹෙන අලුත් අවුරුදු දිනෙන් පසු දැනට පනවා ඇති ඇඳිරිනීතිය වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
දැනට ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය තව දුරටත් ලිහිල් කළ හැකි බවට දැනටමත් ලැබී ඇති යෝජනා අනුව මේ පිලිබදව සලකා බලමින් තිබේ.
කොරෝනා අවදානම වැඩි දිස්ත්‍රික්ක සහ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශයන්හි ඇඳිරිනීතිය දැනට ක්‍රියාත්මක කෙරෙන්නේ කඩින් කඩවය.
එම ප්‍රදේශ වල ඇදිරි නීතිය තාවකාලික ඉවත් කරන කාලය ද දැනටමත් වැඩි කර තිබේ.
එමෙන්ම අවදානම ඉහළ කලාප ලෙස හඳුනාගෙන ඇති ප්රදේශයන්හිද පනවා ඇති ඇඳිරි නීතිය ඉදිරියේ දී කිසියම් වෙනසකට ලක් කිරීමට සාකච්ඡා කෙරෙමින් පවතී.
දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද්දේ මාර්තු මස 20 වැනිදා සිටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...