කොවිඩ් – 19 වෛරසයේ ව්‍යාප්තිය ලෝක වාසීන්ට දැඩි අහිතකර බලපෑම් එල්ලවුවත් සොබා දහමට ඉන් සහනයක් ලැබී තිබේ.
ලෝ පුරා වැසියන් නිවසට සීමාවීමත් සමඟ අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පැවැති පරිසර දූෂණය මේ වන විට සැළකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතියි.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ, රථවාහන භාවිතය අවමවීම, කර්මාන්ත ශාලා අක්‍රියවීම හමුවේ වායු දූෂණය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි.
නාසා ආයතනය නිකුත් කළ අලුත්ම චන්ද්‍රිකා දත්ත පරිශීලනය කිරීමේ දී පෙනී යන්නේ, අමෙරිකාවේ ඊසාන දිග කලාපය පුරා වායු දූෂණය 30% කින් පමණ පසුගිය සති කිහිපයේ පහත වැටී තිබේ.
ඒ විතරක් නෙවෙයි නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය ලෝකයේ සෙසු කලාපවලින් නිරීක්ෂණය වන බවයි.
මේ සටහනින් පෙන්වන්නේ, 2015 සිට 2019 ත් මාර්තු මාසය තුළ වායු දූෂණය පෙන්නුම් කළ ආකාරය.
කෙසේ වෙතත් මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙන්වන්නේ, කොවිඩ් -19 ලොවපුරා පැතිර යාමත් සමඟ වායු දූෂණ අවම වූ ආකාරය.
වෙනදා ජනතාව බහුලව ගැවසෙන කොළඹ නගරයේ පරිසරයට ද මේ තත්ත්වය හමුවේ නවමු ජීවයක් ලැබී ඇති අයුරු දක්නට ලැබෙයි.
කොළඹ පමණක් නොව දිවයිනේ සෙසු ප්රදේශවලද පාරිසරික වෙනස් කම් රැසක් නිරීක්ෂණ වෙයි.
සංචාරක ආකර්ශනය නොමඳව හිමිවූ වනෝද්‍යාන වෙත සංචාරකයින් නොපැමිණීම හමුවේ වන ජීවීන්ද නිදහසේ සැරිසරන්නේ කිසිදු බාධාවකින් තොරවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...