කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට සිය ජීවිත අවදානම පවා නොසලකා දිවා රාත්‍රී නොබලා පෙරමුණ ගෙන ක්‍රියා කරන සියලු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපහාර පුද කර තිබේ.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.
අභියෝගාත්මක අවස්ථාවේ දී සමස්ත රටවැසියන් තුළ ධෛර්ය වඩවාලමින් සහ ලෝකයටම ආදර්ශයක් දෙමින් වෛද්‍ය, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සියලුම ආරක්ෂක අංශ, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයට අයත් සියලු නිලධාරීහු, මාධ්‍යවේදීහු සහ තවත් සේවා රැසක පිරිස් ඓතිහාසික කාර්ය භාරයක නිරතව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ඒ සියලු දෙනාට ජනතාවගේත්, රටේත් ගෞරවය හිමිවන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...