සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට(13) සිදුවෙයි.
සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවනු ඇති.
මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට අපරභාග 8.23ට අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍යකාලය හෙට අපරභාග එක පසු වී විනාඩි 59 සිට පසුදින අලුයම 2.43 දක්වා ක්‍රියාත්මක බැවින් හෙට අපරභාග 1.59ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.
ආහාර පිසීම හෙට දින අපරාභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙන් කර ගැනීම මැනවි බව නැකැත් චාත්‍රවල සඳහන්.
හෙට අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වෙයි.
කෙසේවෙතත් දිවයින තුළ පවත්නා පීඩාකාරී තත්ත්වය හේතුවෙන් නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයින් සමඟ සිදුකිරීමට පියවර ගන්නා ලෙස බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාතාංශය ඉල්ලීමක් කර තිබේ.
මේ අතර වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් අතීතයේ ද සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම් අත්හැර දැමීමට මෙරට ජනතාව කටයුතු කර ඇති බව ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ගම් මට්ටමින් අදාළ අවුරුදු සැමරුම් අත්හැර දැමීමට පියවර ගෙන තිබු බවයි.
වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම් නිවසට සීමා කිරීමට ඉතා වැදගත් වන බව මහින්ද කුමාර දළුපොත මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...