මේ දින වල නිතර ජනමාධ්‍ය ඔස්සේ COVID-19 වසංගතයෙන් බේරීමට ජනතාව දැනුවත් කරන වැඩසටහන් වල බටහිර වෛද්‍යවරුන් ඉදිරිපත් කරන කරුණු දෙස බැලීමේ දී ඔවුන් දේශීය දැනුම, පාරම්පරික සිරිත් විරිත් මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අයත් බොහෝ දේ තුළ ඇති විද්‍යාත්මක පදනම පැහැදිලි කරනු දුටුවෙමි. පාරම්පරික සහල් වලින් පටන් ගෙන දේශීයත්වය ඇගයීමේ සටන කිරිපිටි වලට එරෙහිව කොළ කැඳ, සෞඛ්‍ය සම්පන්න ජීවිතයට නිර්මාංශ ආහාර, අපේ සම්ප්‍රදායික ආහාර රටාව තුළින් උපත් ආබාධ වළක්වා ගැනීම, ආදී විවිධ තේමාවන් ඔස්සේ මෙහෙයවමින් සමහර කීර්තිමත් වෛද්‍යවරු සමාජයට ඉතා වැදගත් පණිවුඩ ලබා දෙති. මීට වසර කිහිපයකට පෙර ආයුර්වේද වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් දැරූ මතය වූයේ එහි ප්‍රතිකාර ක්‍රම සඳහා සාක්ෂ්යපාදක (evidence based)පර්යේෂණ නැති නිසා ඒවා කිසිසේත්ම සෞඛ්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක කළ නොහැකි බව කියූ වෛද්‍යවරුන් පවා ඒ අතර වේ. එහෙත් අද වන විට ඊට හාත්පසින්ම වෙනස් මතයක් සමාජගත කරමින් දේශීය වෛද්‍ය ක්‍රම දෙසට සුසමාදර්ශීය විස්ථාපනයක් (paradigm shift) සිදුවීම මේ අවස්ථාවේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය ලද ජයග්‍රහණයක් වේ.
මේ වන විට අප රට මුහුණ දී ඇති COVID-19 වසංගතය තුළ ආයුර්වේදයට හා දේශීය වෛද්‍ය ක්‍රම වලට කළ හැකි දෙයක් නැතැයි බොහෝ විද්වතුන් හා දොස්තර මහතුන් ඒවා ප්‍රතික්ෂේප කරද්දී ඔවුන්ගේ පරගැති මානසිකත්වයට අභියෝග කරන්නට තරම් කොන්දක් ඇති බටහිර වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය ක්රමයේ විද්‍යාත්මක පසුබිම ගැන කරුණු ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය වේ. විශේෂයෙන්ම මේ වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීමට වෙනිවැල්ගැට, කොත්තමල්ලි, ඉඟුරු ආදී දේශීය ඖෂධ භාවිතයෙන් ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙහි ඇතිවෙන බලපෑම සහ පෙරුම්කායම්, වදකහ මෙන්ම ඖෂධීය ධූමයන් මගින් වෛරස ආසාදනය පාලනය කරන ආකාරය ගැන විද්‍යාත්මක සාක්ෂි සහිතව ඉදිරිපත් කරන පණිවුඩය ආයුර්වේදයට අභිමානයකි. එසේම කුළුබඩු අඩංගු ආහාර මෙන්ම පාරම්පරික සහල් නිසා ශරීරයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය වන ආකාරය ගැන නවීන පර්යේෂණ තොරතුරු ඔස්සේ පැහැදිලි කරමින් සමාජගත කරන්නේ අපේ දේශීය වෛද්‍ය ක්රමයේ සංකල්ප බව ඔවුන් නොදන්නවා විය නොහැකිය. එලෙසින්ම පිරිත් දේශනාව අපේ සෞඛ්‍යය කෙරෙහි බලපාන ආකාරය මෙන්ම එවැනි ක්‍රම මෙවැනි වසංගත පාලනයට යොදා ගැනීමට අපේ වගකිව යුතු සෞඛ්‍ය අංශයන් හි අවධානය යොමු විය යුතු බැව් ඒ අතර ලැබුණු තවත් සුවිශේෂී පණිවුඩයක් විය. එබැවින් මේ කාලය තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත කිරීමට බටහිර වෛද්‍යවරුන් විසින් කරනු ලබන සේවාව එක්තරා අයුරකින් දෛවයේ සරදමක් යැයි මට සිතේ.
මෙම කරුණු සමාජ ගත කිරීමේ මෙහෙවරේ පුරෝගාමියෙකු වන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ගේ සේවාව මෙහිලා අගය කළ යුතුමය. එසේම ඔහු ඉදිරිපත් කරන කරුණු වලට සමාන අදහස් මහාචාර්ය චන්න ජයසුමන මහතා ද වරින් වර ජනමාධ්‍ය හරහා සමාජගත කර තිබෙන අතර මහාචාර්ය තිස්ස විතාරණ මහතා ද ඊට අනුබල දෙන අන්දමේ ප්‍රකාශයක් කර තිබෙනු දුටුවෙමි. අමතරව කාර්මික තාක්ෂණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතා ඇතුළු කණ්ඩායම ද දේශීය ඖෂධ සම්බන්ධයෙන් ඉතා සාධනීය ආකල්ප පෙරදැරිව පර්යේෂණ සිදු කරන බැවින් මෙම කාර්යය වඩාත් සඵල වනු ඇතැයි මා තුළ බලවත් විශ්වාසයක් තිබේ. එබැවින් වෛද්‍ය පාදෙණිය මහතා සමඟ එකට වැඩකරන වෘත්තීය සගයින් සියලූ දෙනාම ඔහුගේ මතය හා එකමුතුව ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රම සමඟ සහයෝගයෙන් බහුශික්ෂණ ප්රවේශයකින් (multi-disciplinary approach) ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ යම් සමෝධානික වෘත්තීය සංස්කෘතියක් ගොඩනගන්නට දායක වනු ඇතැයි අපේක්ෂා කරමි.
චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ තොරතුරු මධ්‍යස්ථානය විසින් මාර්තු 24 වැනිදා නිල වශයෙන් නිවේදනය කරනු ලැබුයේ COVID-19 සටන ජයගැනීමේ ලා චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය ඉතා සාර්ථක දායකත්වයක් ලබා දුන් බවයි. චීනයේ COVID-19 රෝගීන් හට ප්‍රතිකාර කිරීම්දී චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ද එක් කර ගත යුතු බැව් ප්‍රාන්ත 26 ක සෞඛ්‍ය බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණ. පෙබරවාරි 17 වැනිදා චීන රජයේ ජාතික සෞඛ්‍ය කොමිසම (National Health Commission) COVID-19 රෝගීන් 60,107 ක් හෙවත් මුළු සංඛ්‍යාවෙන් 85.20% ක් සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම භාවිතා කළ බව නිවේදනය කළේය. චීනයේ හුබෙයි ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 91.05% ක් සහ ප්‍රාන්තයෙන් පිට රෝගීන් 96.37% ක් ද චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වල ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි National Administration of Traditional Chinese Medicine මගින් නිවේදනය කරනු ලැබිණ. වූහාන් නගරය තුළ පමණක් 5000 ක් පමණ චීන සම්ප්‍රදායික වෛද්‍යවරුන් සේවය කළ අතර සමහර ප්‍රදේශ වල එම වෛද්‍ය ක්‍රමය පමණක් භාවිතා කරන රෝහල් පවත්වා ගෙන යනු ලැබිණ. චීන පාරම්පරික ඖෂධ භාවිතා කළ1261 ක් රෝගීන් අතුරින් කිසිවෙකු හෝ සාමන්‍ය රෝග ලක්ෂණ වලින් බරපතල තත්වයට පත් නොවූ බව වාර්තා වේ. රෝහල් 30 ක් තුළ ප්‍රතිකාර ලැබූ 710 ක් වූ අසාධ්‍ය රෝගීන් අතර මරණ අනුපාතය ගෙන් 8.8% කින් අඩු කිරීමට හා දැඩි සත්කාර ඒකකයේ නේවාසික කාලය දින 4 කින් අඩු කිරීමට ද සමත් වී තිබේ. චීනයේ 80151 ක් රෝගීන් අතුරෙන් 60107 ක් මෙම පාරම්පරික ඖෂධ ලබා ගෙන ඇති අතර එම ප්‍රතිකාර මගින් රෝහල් නේවාසික කාලය දින 1.7 කින් අඩු වී සායනික සුවවීමේ 33% කින් වැඩි වී සාමාන්‍ය ලක්ෂණ බරපතල වීමේ වේගය 27.4% කින් අඩු වී තිබේ. මෙම දත්ත කෙසේ වෙතත් බොහෝ විශේෂඥයින් ගේ මතය වන්නේ මෙම රෝගය මුල් අවස්ථාවේ දී පාරම්පරික ප්‍රතිකාර වලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බවයි.
මාර්තු 15 වැනි දින වන COVID-19 සඳහා සායනික පර්යේෂණ 428 ක් චීන රෙජිස්තරයේ තිබුණු අතර ඉන් 84 ක් බටහිර හා පාරම්පරික වෛද්‍යක්‍රම එකාබද්ධව කරනු ලබන පර්යේෂණ වේ. Guangzhou Institute of Respiratory Health හි මහාචාර්ය ශ්බට ’සෙැබටපවසන අයුරින් වෙළෙඳපොළ තුළ ඇති චීන සම්ප්‍රදායික බෙහෙත් 54 න් 5 ක් මෙම නව කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථකව ක්‍රියාකරන බව ඔප්පුවී ඇති බවයි. ජාතික සෞඛ්‍ය කොමිසම විසින් නිකුත් කළ COVID-19 ප්‍රතිකාර මාර්ගෝපදේශ වල 4 වැනි සංස්කරණයේ දී චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය ද ඇතුළත් කරනු ලැබිණ. චීනයේ ’යැවස්බට සරසවියේ වෛද්‍ය විද්‍යාලය තුළ පිහිටවූ රෝහල තුළ COVID-19 රෝගීන් 104 ක් බරපතල තත්වයේ රෝගීන් 78 ක් ද සහිතව දින පනහක විශිෂ්ට මෙහෙයුමක් දියත් කළේ චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය ද සිය බහුශික්ෂණ කණ්ඩයම (Multidisciplinary Team) තුළට ගැනීමෙන් ය. එහි අවසන් වාර්තාව ඔවුන් අත්පොතක් ලෙස Handbook of COVID-19 Prevention and Treatment එළිදක්වමින් අවසානයේ මෙසේ සටහන් කරනු ලැබීය. —No staff were infected” and there were no missed diagnosis or patient deaths.” එම මාර්ගෝපදේශ අත්පොත තුළ නවීන තාක්ෂණික වෛද්‍ය මෙවලම් හා බටහිර ප්‍රතිකාර සමඟ සම්ප්‍රදායික චීන වෛද්‍ය ප්‍රතිකාර පද්ධතිය ද ඇතුළත් කරන්නට ඔවුන් පසුබට නොවීය. දැන් අපේ රට තුළ ද මෙවැනි ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට බටහිර වෛද්‍ය අංශයේ දායකත්වය හා සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය වේ.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් විශේෂඥ වෛද්‍යවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 14 දෙනෙකු විසින් සකස් කරන ලද සැලසුමක් මීට සතියකට පෙර ගරු ආමාත්යතුමිය වෙත භාරදුන් බැව් ඔබ නොදන්නවා විය හැකිය. මේ වන විටත් ආයුර්වේද කොමසාරිස් හා පළාත් කොමසාරිස්වරුන් හරහා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් විවිධ දුෂ්කරතා මධ්‍යයේ රෝග නිවාරණ හා නිරෝධායන කටයුතු වල නියැලෙමින් ප්‍රාදේශීය මට්ටමෙන් සිය සේවය ඉටුකරන බවත් කිව යුතුය. මේ රටේ ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ රටින් බැහැර යන විදේශ විනිමය ඉතුරු කර ආර්ථිකය සංවර්ධනය කරන්නට දේශීය සම්පත් යොදා ගැනීමේ දර්ශනය තුළ ආයුර්වේදයට කළ හැකි මෙහවර ද හඳුනා ගත යුතුය.
පිටිකිරි, තිරිඟු පිටි, කෘත්‍රිම ආහාර වර්ග, සිසිල් බීම වැනි සෞඛ්‍යයට අහිතකර දේවල් වෙනුවට දේශීය සම්පත් හඳුන්වා දෙන අතර අනවශ්‍ය ලෙස බටහිර ඖෂධ වලට වැයකරන මුදල් වලින් කොටසක් ද දේශීය වෛද්‍යක්‍රම හරහා ඉතුරු කළ හැකි බව සෞඛ්‍ය බලධාරීන්ට පැහැදිලි කර දීමට ද වෛද්‍ය පාදෙණිය මහතාට හැකියාව ලැබෙනු ඇතැයි සිතමි. එම මතය සාධාරණිකරණය කරන්නට අවශ්‍ය cost-effective analysis” cost-benefit analysis අපිට ලබා දිය හැකිය. මෙම වසංගතය මේ වන විට ප්‍රජා සම්පේ‍්‍රෂණ අවස්ථාවට ළඟා වෙමින් තිබෙන හෙයින් අප ගේ සෞඛ්‍ය සේවා පද්ධතියේ පර්යන්ත ධාරිතාවයට දරා ගැනීමට ගැනීමට නොහැකි මට්ටමට මෙය පැමිණිය හොත් අපි ජාතියක් ලෙස විශාල ව්‍යසනයකට ගොදුරු වනු ඇත. එහිලා රෝගීන් ගේ නේවාසික කාලය කෙටි කරගැනීමට හා ඔවුන් බරපතල තත්වයට යා නොදී වළක්වා ගැනීමට චීන මොඩලය අනුව ආයුර්වේද ප්‍රතිකාර යොදා ගැනීම කෙරෙහි යම් අවධානයක් යොමු කිරීම කාලෝචිත යැයි යෝජනා කරමි.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...