සිංහල බෞද්ධ සහ දමිළ හින්දු ජනතාව පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කරවන තවත් ජාතික අලුත් අවුරුදු උළෙලක් අප අභිමුවට පැමිණි ඇත්තේ ඉමහත් ව්‍යසනකාරී තත්ත්වයකට සියලු ලෝකවාසීන් පත්ව සිටින තත්වයක් තුළ ය. අප ජාතියක් ලෙස සැමදා මෙම උළෙලට සැරසෙන්නේ ගෙවී ගිය අවුරුද්ද දෙස ගැඹුරින් සලකා බලමින් එහිදී සිදුව ඇති අඩු ලුහුඬුකම් එළඹෙන අලුත් අවුරුද්දේ නිවැරදි කරගැනීමට අදිටන් කර ගනිමිනි. ඊට මානසිකව සූදානම් වෙමිනි. අලුත් අවුරුද්ද හා බැඳුණු එම හර පද්ධතීන් ඉතාමත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ වැදගත්කම මෙම ව්‍යසනකාරී මොහොතේදී වඩවඩාත් අප හමුවේ අවධාරණය කර සිටියි.
කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ගත හැකි සියලු පියවරයන්ට සමාජයක් ලෙස උපරිම සහයෝගය දක්වමින් ඉන්පසු එළැඹෙන යුගයට සාර්ථකව මුහුණදීමට අප මේ මොහොතේ දී මානසිකව සූදානම් විය යුතුය. විශේෂයෙන් ලෝක ආර්ථිකය බරපතල ලෙස බිඳ වැටෙන විට, ලෝක පරිමාණයේ බරපතළ ආහාර අර්බුදයක් මතුව ඇති විට ඊට සාර්ථකව මුහුණදීමේ අභියෝගය එළැඹෙන අවුරුද්දේ අප ඉදිරියේ පවතී. ඊට අදාළව අපගේ අවධානය ප්‍රධාන කරුණු දෙකක් වෙත යොමුවිය යුතුය. වෙළෙඳපොළ විකෘතීන් නිවැරදි කර ගනිමින් දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරගැනීම පළමුවැන්න ය. එහිදී ආනයනය දෙස පමණක් නෙත් යොමු කරමින් ගත කළ කාලයට ජාතියක් ලෙස තිත තැබිය යුතුය.
මෙහිදී එලෙසම අපගේ අවධානය යොමුවිය යුත්තේ ආනයනික ආහාර සංස්කෘතියෙන් මිදී දේශීය ආහාර සංස්කෘතියට යොමු වීම කෙරෙහි ය. එහිදී කෘෂි ව්‍යවසායකයන් බිහි කිරීම, ගෙවතු වගා විප්ලවයකට රටම සූදානම් වීම අපට ඇති පිළිතුරු ය. දේශීය ආහාර සංස්කෘතියකට රටම හුරු කරවීම පාසලෙන් ඇරඹිය යුතුය. ඒ පිළිබඳ කරුණු පාසල් විෂය මාලාවට එක් විය යුතුව තිබේ. එසේම ආහාර සුරක්ෂිතතා පනතක් සම්පාදනය කිරීම ද ඒ හා බැඳී තිබේ.
සුනාමි ව්‍යසනයෙන් මිදී නැගී සිටියා සේ, තිස් අවුරුදු යුද්ධය ජය ගත්තත් සේ, අපට මෙම කොරෝනා වසංගතයෙන් ද ජයගැනීමේ නිසඟ හැකියාව තිබේ. අප ජාතිය සතු සභ්‍යත්ව උරුමයන් තුළින් එකී අභ්‍යන්තර ශක්තිය අපට සපයා දෙනු ලබයි. එබැවින් මෙරට සුජාත දූ පුතුන් තම දෑතින් මේ පොළොවෙන් වැඩ ගන්නා යුගය අරඹනු නිසැක ය. එවැනි ඇරඹුමකට මානසිකව සූදානම් වන ලෙසත් මෙම දැවැන්ත අභියෝගය ජය ගැනීම වෙනුවෙන් කැපවීමට අදිටන් කරගන්නා ලෙසත් මේ මොහොතේ ඉල්ලා සිටිමි.
සුබ ජාතික අලුත් අවුරුද්දක්!
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...