දේශීය පුවත්

පිළිගත් වසංගත පාලන මූලධර්ම අනුව වාර්තාවන රෝගීන් ප්‍රමාණය මත පමණක් පදනම්ව සමාජය තුල රෝගය පවතින තත්වය පිළිබඳ තක්සේරු කිරීම අනතුරුදායක විය හැක.

විශේෂයෙන්ම කොරෝනා වැනි නිවැරදිව පුරෝකතනය කිරීම අපහසු වන හැසිරීම් සහිත වෛරසය ආසාදනයකදී එසේ අවසන් නිගමන වලට එළඹීම අනතුරුදායක විය හැක. මේ වන විට චීනය, දකුණු කොරියාව වැනි රටවල් රෝගය සමාජය තුල පවතින තත්වය වටහා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද පර්යේෂණාත්මකව පවා අනුගමනය කරමින් සිටියි. බ්‍රිතාන්‍යය ද එසේ කරන බව සෞඛ්‍ය ලේකම් සඳහන් කොට ඇත.

ඒ අනුව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ අධ්‍යන අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග මඟින් සමාජය තුල රෝගයේ පවතින තත්වය මැන බැලීමෙන් පසුව පමණක් ඇඳිරි නීතිය ලිහිල් කළ යුතු බව වඩා ආරක්ෂාකාරී බව පෙනී යයි.

  1. අවම වශයෙන් දින 03ක් තුල දැනට හඳුනාගෙන තිබෙන 3500ක් පමණ වන පළමු පෙළ ස්පර්ශකයින් සියළු දෙනා PCR පරීක්ෂණ වලට ලක් කිරීම සහ ඊට අදාළ සැලසුම මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා ඉදිරිපත් කිරීම.
  2. දෙවන පෙළ ස්පර්ශකයින් ලෙස හඳුනාගෙන සිටින බවට හමුදාපතිවරයා සඳහන් කරන 45000 ක පිරිස සසහ දැනට නිරෝධායනයට ලක් වෙමින් සිටින 1500 ක් වන පිරිසට රෝගය වැළඳී ඇත්ද සහ සුව වී ඇත්ද මෙන්ම ප්‍රතිශක්තී මට්ටම බැලීම සඳහා අඩු මිලට ගත හැකි සරල පරීක්ෂණයක් වන විනාඩි 5 කින් සිදුක්‍ළ හැකි රුධිර ප්‍රතිදේහ පරීක්ෂණය යොදා ගැනීම. පවතින තත්වය මැන බැලිම සඳහා මිස රෝගියකු හඳුනා ගැනීම සඳහා එම පරීක්ෂණය යොදා නොගත යුතුය. ඒ සඳහා බ්ම මට්ටමේ සෞඛ්‍ය නිලධාරීන් යොදා ගත හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More