විදේශ පුවත්

කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා සිටින දහස් ගණනකට ආසාදනය වී ඇති අතර සෞඛ්‍ය සේවකයින් වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක සිටී.

සෞඛ්‍ය සේවකයින් අසනීප වුවහොත් , ඕනෑම රටක ජාතික සෞඛ්‍යය පද්ධතියට එයින් සිදුවන හානිකර බලපෑම විශාල බවත්, එමගින් වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාව අඩුවන නිසා සෞඛ්‍ය සේවකයින් පිලිබඳව විශේෂ අවධානයක් දැක්විය යුතු බව සිකුරාදා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් Tedros Ghebreyesus ප්‍රකාශ කර සිටියේය.

සමහර රටවල ආසාදිත සෞඛ්‍ය සේවක ප්‍රතිශතය 10% ඉහළ අගයක් ගෙන ඇත. ඉතාලියේ හා ස්පාඤ්ඤයේ එම අගය 8%-14% අතර අගයක් බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. අප්‍රේල් මුල වන විට ඉතාලියේ පමණක් කොරෝනා වෛරසය නිසා වෛද්‍යවරුන් 100 අධික පිරිසක් මියගොස් ඇත.

අනෙක් යුරෝපා රටවල වෛරසය පැතිරීම මන්දගාමී වී ඇති නිසා සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා පනවා තිබූ දැඩි නීති ලිහිල් කිරීමේ සැලසුම් බොහෝ රටවල් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත. මෙලෙස නීති ලිහිල් කිරීම මගින් ඉදිරියේදී විශාල හානියක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක අනතුරු අඟවා තිබේ.

මේ වන විට කොරෝනා වෛරසය ලොව පුරා මිලියන 1.6 අධික පිරිසකට ආසාදනය වී ඇති අතර, 100,000 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මූලාශ්‍ර
www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More