දේශීය පුවත්

මැතිවරණ කොමසාරිස් වරයා විසින් දිවයින ඊ පුවත්පතට කරන ලද ප්‍රකාශය අනුව ඔහුට මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බව ප්‍රකාශයට පත් වී ඇත.

ලංකා ලීඩ් ඒ පිළිබඳව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසන ලදී. ඔහුගේ මතය අනුව මැතිවරණ කොමසාරිස් වරයා වසංගත රෝග විශේෂඥයෙකු හෝ නිති විශාරදයෙකු නොවන බැවින් ඔහුට නීතියෙන් පැවරී ඇති වගකීම ඉටුකිරීම සඳහා පුද්ගලික මතය අනුව කටයුතු කළ නොහැකිය.

ඒ සඳහා ඔහු නීතිපතිවරයාගේ සහ වසංගත රෝගයට අදාළ නිල බලය සහිත සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් විමසා සුදුසු දිනයක් තේරිය යුතුයි. වසංගතයකින් රටක් අවසන් වෙන්නේ නැහැ.

ඊට මුහුණ දීම සඳහා නිලධාරීන්ට ආත්ම ශක්තිය තිබිය යුතුයි. ඒ මොනවා උනත් ‍ඔහුට නීතියට පිටින් වැඩ වැඩි කරන්න බැහැ. නිතියට අනුව ඔහු මැතිවරණ පැවැත්වෙන සුදුසු දිනය සඳහන්කොට නිවේදනයක් නිකුත් කළ යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More