විදේශ පුවත්

COVID-19 වෛරසයට එරෙහිව රුසියාව විසින් නිපදවන ලද එන්නතක් මූලික අත්හදා බැලීම් අවසන් කර ආසාදිත මිනිසුන් ආශ්‍රිතව අත්හදා බැලීමේ කටයුතු සූදානම් කර ඇතැයි විදෙස් මාධ්‍යය අංශ පවසයි.

ඒ අනුව මිනිසුන් ආශ්‍රිතව එන්නත අත්හදා බැලීම ජූනි මාසයේදී පමණ ආරම්භ කිරීමට නියමිත බව පැවසේ. ඒ අනුව වෛරසයට එරෙහිව නිපදවූ එන්නත මිනිසුන් ඇසුරේ අත්හදා බැලීමට රුසියානු ජාතිකයන් කණ්ඩායමක් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වී ඇති බවද වාර්තාවේ. කෙසේ වුවද අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන ජූනි මාසයේදී පමණ බවද වාර්තාවේ.

රුසියාවේ  වෛරසවේදය සහ බැක්ටීරියාවේදය පිළිබඳ ප්‍රමුඛතම ආයාතනයක් වන “වෙක්ටර් ආයාතනය -Vector Institute” විසින් පසුගිය පෙබරවාරියේ ආරම්භ කළ ව්‍යාපෘතියේ පළමු අදියර මෙම මාසයේ මුල් දිනවලම සාර්ථකව අවසන් කළ බව  පවසා සිටියහ. ඒ අනුව  ආයාතනය පවසා සිටියේ එන්නත මීයන් සහ ෆෙරෙට් නම් මුගටි විශේෂය ආශ්‍රිතව කළ අත්හදා බැලීම් සාර්ථක වී ඇති බවයි.

පළමු කණ්ඩායමට රුසියානුවන් 60 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව ආයාතනයේ අධ්‍යක්ෂක ජනරාල් රිනාට් මක්සියොතොව් මහතා මාධ්‍යය වෙත පවසා සිටියේය. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ කණ්ඩායම අවුරුදු 22 ත් 28ත් අතරේ වන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම මනා සෞඛ්‍යය තත්වයේ සිටින රුසියාවේ විවිධ ප්‍රාන්ත වල වෙසෙන අය බවද පැවසේ.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර  www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More