විදේශ පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඔහු රාජකාරී කටයුතු සඳහා තවමත් සූදානමක් නැති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් සිය ජිවිතය බේරා ගැනීමට කැපවූ වෛද්‍යවරුන්ට තමා ණය ගැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසයි.

සිය රෝගී තත්ත්වය සාමාන්‍ය අතට පත්විමෙන් අනතුරුව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත බවට අනාවරණය විමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පසුගිය 06 වනදා ලන්ඩන් නුවර රෝහලකට ඇතුළත් කරනු ලැබුවේය.

ඔහුගේ රෝගී තත්ත්වය දරුණු විම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More