පුරවැසි කොලම

අපේ රටේ මහමුහදුට ගලා බස්නා ගංගා ඇල දොල 100 කටත් වඩා වැඩියි.අපේ මුතුන් මිත්තන් ඒ ගංගා හරස් කර වැවි 33000 ක් පමණ හදා එය අපට තිලින කර ගියේය.ඉපැරිනි ගම්මාන 25000 කට වැඩිය.එම ගම්මාන වල ⁣ගොඩනැගුනු ඉපැරැණි ස්ථූප 25000 කට ආසන්නය..ලංකාව වර්ග කිලොමීටර් 65125 පමණය .එම කරුනෙන් අපට පෙන්වන ලබන ප්‍රධානතම කරුන වන්නේ අපේ රජදරුවන්, අපේ මුතුන්මිත්තන් සෑම වර්ගකිලෝමීටර් දෙකකටම එක් වැවැක් ගොඩනැගූ බවය. වැවක් හැදු හැම තැනකම ගමක් හැදුවේය. ගමක් හැදු හැම තැනකම ස්ථූපයක් හැදුවේය. මේ තුල කියවෙන අනිත් කරැන වන්නේ ලංකාදීපයේ සෑම තැනකම මහා තාක්ෂණයකින් හෙබී දියුනු දැක්මකින් යුතු මහා සාරයකින් හෙබි මිනිසෙකු අපගේ ගම්මාන වල සිටි බවය.

අපේ ගමේ වෙල්විදානේ ,ගම්මුලාදෑනි .වෙදමහතා සාරවත් ගමක් හා විශ්ෂ්ඨ සමාජයක් හදන්න මහාකාර්ය භාරයක් කළේය. රජවාසලේ ඒ කාලේ හිටියා “ගණිතයා “කියලා කෙනෙක්. ඔහු තමයි නක්ෂත්‍ර බලලා නැකත් සීට්ටුව හදා ඒ ඒ බීජ රටේ විවිධ පළාත් වල කාලගුනික දේශගුනය අනුව රිතු වෙනස්වීම අනුව ඒ ඒ වගාවන් වගා කල හැකි ආකාරය ජනතාවට මග පෙනවූයේ. ඒ කාලේ තිබුනාලු “බීජපොළී “ක්‍රමයක්..ඒ කියන්නේ බීජ ගොවියාට දුන්නහම ඒ බීජ වලින් අස්වැන්න නෙලුවාම කලින් දුන් බීජ වලට කිසියම් පොලී ක්‍රමයකට නැවත රජයේ බීජ බැකුවට නැත්නම් භාන්ඩාගාරයට මව්බීජ ලබාදීමට සෑම ගොවියෙකුගේම වගකීමවිය..1505 සිට පෘතුගීසි ආක්‍රමණයෙ සිට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් 1948 අපේ රටෙන් යන තුරුම පුරා අවුරුදු 443 ක් අපට එම මහා අධීන ගමන් මග නැතිව ගියේය.

අපේ මිහින්තලා උයනේ තිබූ මිහින්තලා රෝහල අපට අද ගල්කනුය .ලෝකයේ පළමු ශල්‍ය උපකරණ හැදු මිහින්තලා රෝහල නම් අපේ වෙදකම ලෝකයේ අද්විතීය වෙදකම බව අප තේරුම් ගත යුතුය. ⁣යුරොපයේ අස්වාන් වේල්ල හදන්න කලින් පරාක්‍රමබාහු රජුදවස මහා පරාක්‍රම සමූද්‍රය හැදුවේ නම් ලොව අද්විතීය කෘෂිකර්මය අපට තිබුනු බව සනාතන සත්‍යයක්. ඉදින් වත්මන් සමාජයට කියාපාන මේ පණිවුඩය අප දෑතින් බදා වැලදගෙන අපි අපේ ගමන අරඹන තුරා පෙරදිග ධාන්‍යගාරය හැදීම බොරුය. මිහිදු මහරහතන් වහන්සේ විසින් අපට ලබාදුන් උතුම් ථේරවාදි ධර්මය බබලවාලු ධරමදීපය ගොඩනැගීම හීනයක් පමනක් වනු ඇත. අද අපට කොරෝනා වසංගතය හමුවේ ස්භාවධර්මය විසන් අපට කියා දෙන ගමන්මාවත එයයි. ලෝකයේ කොයි මුල්ලක සිටියත් මේ සනාතන පණිවුඩය ඔබ අතට ගත යුත්තේය..ජාතියේ අනාගතය එයයි .වෙල්ලස්සේ අනාගතය ද එයයි.

වෙල්ලස්සේ ඔක්කම්පිටිය පුරාන හැබ්බැස්ස විහාරය මාර්ගයේ මීකන්දලන්දවැව ආසන්නයේ අති සුන්දර භූමියක පිහිටි ජාතික ගොවිජන උද්‍යානය ගොඩනගන කටයුතු සමග එයට තම නිසඟ කැපවීම ලබාදෙන ඩී ජේ ශාන් නැමැති මේ මහාපොලවට ආදරය ගෙනදෙන ⁣මේ තරැණයා හා එම ආදරණිය බිරිද දරැවන් ⁣විසින් ලබදෙන ආදර්ශය පිලිබඳව මහා ගෞරවයක් හදෙහි ඇතිවිය.ඒ පිළිබඳව ආචාරයද පුදකරිමි.නිස්සාර ජීවිත අතරේ සාරයක් සහිත ජීවිත ආදර්ශයක් ලබදෙන වත්මන් සමාජයට මහගු ආදර්ශයක් බව සටහන් කර තබමි.

Udayashantha Gunasekara



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More