නව කොරෝනා වෛරසය වායූසමනය කළ පරිශ‍්‍රවලදී වඩා පහසුවෙන් පැතිර යා හැකි බව මේවන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
“වායුසමනය කෙරෙන කාමරයක් සැම විටම බාහිරට විවෘත නොවූ කොටසක් බැවින් එහි විෂබීජ සංසණය වන ප්‍රමාණය වැඩියි. කවුරු හරි කැස්සොත් ඒ කෙළ බිඳිති හිරු එළිය පවතින තැනකට වඩා වැඩි කාලයක් පවතින්න පුළුවන් වායුසමනය කරපු තැනක.” ඒ පිළිබඳ අදහස් දක්වමින් කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනාන්ද විජේවික‍්‍රම මහතා සඳහන් කළේය.
කිසියම් පරිශ‍්‍රයක් වායුසමනය කර පවත්වා ගන්නවා වෙනුවට ස්වාභාවික වාතාස‍්‍රයට සහ හිරු එළියට නිරාවරණ කර පවත්වා ගැනීම මේ දිනවල වඩා ආරක්ෂිත බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
වායූසමනය කරන ලද සුපිරි වෙළදසැල් හෝ වෙනත් ස්ථානවල වැඩි වේලාවක් ගත කිරීමද මේ අනුව අවධානම් සහිත විය හැකි බවත් ඒ අනුව එවැනි ස්ථාන හැකි පමණ මගහැර සිටීම සුදුසු බවත් වෛද්‍යවරුන් සඳහන් කරයි.