කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඊයේ දිනය තුළ පමණක් පී.සී.ආර් පරික්ෂණ 609ක් සිදු කිරිමට පියවර ගත් බවයි.
මේ වන විට මෙරට තුළින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 210 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ දිනය තුළ වෛරස ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වුණි.
ඔවුන් සියලු දෙනා අනිවාර්ය නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.
ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරාගත් නියදිවල පුද්ගලයින් ද පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...