මැතිවරණ කොමසාරිස් වරයා විසින් ඡන්දය පවත්වන දිනය තීරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය විමසන බවට පළවන වාර්තා පිළිබඳව ලංකා ලීඩ් විසින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මතය විමසන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා මෙසේ පැවසීය.
” මැතිවරණ කොමසාරිස්වරයා තමාගේ මතය ක්‍රියාත්මක කිරීම සඳහා කාගෙන් හෝ අනුමැතියක් ගන්න හදන බව පේනවා. ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව කටයුතු කරන්න බැහැ. ඒක ශ්‍රී ලංකාවේ ස්වසීරීභාවය උල්ලංගනය කිරීමක්. ශ්‍රී ලංකාවේ නීතිය අනුව වසංගත පාලනයට අදාළ කාල රාමුවක් පිළිබඳව ඔහු උපදෙස් ගත යුත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන්. ඔහු දැනටමත් තව වරදක් කරලා තියෙනවා. මැතිවරණ පනතේ 24(3) යටතේ ඔහු විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පනතට පටහැනියි. ඒ නිසා එය වලංගු නැහැ. ඔහු දැන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් අහල නව දිනය සහිතව ගැසට් එක ගහන්න ඕන. “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Commissioner tried to palm over his responsibility to the President. After the President pointed out that holding elections is the responsibility of the Commission now he wants to palm over the responsiility to the WHO. He is shy of admitting that our health service is competent to give advise on the subject.