දේශීය පුවත්

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් ලෝකයේ විවිධ රටවල් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීමෙන් පසුව මේ ආකාරයට ඇඳිරිනීතය ලිහිල් කිරීමේ මාර්ග සිතියමක් සහ කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරයි.

 

 

 

 

 

 

01. අනතුරු ඇඟවීමේ පිළිගත් මට්ටම් 4 සහ ඊට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම – ඒ අනුව උදාහරණ ලෙස

02 හතරවන මට්ටම – (දැනට පවතින තත්වය) සියළු පුරවැසියන් නිවසේ රැඳීම, ඇඳිරි නිතිය පැනවිම, තෝරා ගත් නගර වසා දැමීම, අධ්‍යාපන ආයතන සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීම, සංචාරක තහනම, තදබල ගමන් තහනම, විනෝද උත්සව තහනම, ආගමික උත්සව, අවසන් කටයුතු පිළිබඳ දැඩි සීමා පැනවීම ආදී ක්‍රියාමාර්ග

03 තෙවන මට්ටම – අධ්‍යාපන ආයතන තවදුරටත් වසා දැමීම, සංචාරක සිමාව පවත්වා ගැනීම, ඇඳිරි නීතිය යම් ප්‍රදේශවල පමණක් පැනවීම සහ යම් ප්‍රදේශ පමණක් වසා දැමීම, නිරෝධායනය පවත්වාගෙන යාම, සමාජයේ රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ දිගටම සිදු කිරීම ආදි ක්‍රියාමාර්ග

04 දෙවන මට්ටම – තෝරාගත් ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම, ඇඳිරි නීතිය ඉවත් කිරීම, තෝරාලත් ප්‍රදේශ පමණක් තවදුරටත් වසා දැමීම, සංචාරක සීමා කිරිම පවත්වාගෙන යාම ආදි ක්‍රියාමාර්ග

05 පළමු මමට්ම – සාමාන්‍ය ජන ජීවිතය, නමුත් රෝග වැළැක්වීමේ ක්‍රමවේද පුද්ගලිකව සහ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීම, රෝගීන් සහ ස්පර්ශකයින් පිළිබඳ අවේක්ෂණය

06 මෙම මට්ටම්වල පහතට යාමේ පුර්ව කොන්දේසි වන්නේ සියළු පළමු පෙළ ස්පර්ශකයින් (3500) පරික්ෂා කොට අවසන් කිරීම සහ දෙවන පෙළ ස්පර්ශකයිගේ තත්වය මැන බැලිමය. ඒ අනුව පලමු පෙල ස්පර්ශකයින් සියළු දෙනා පරික්ෂාකොට දෙවන පෙළ තත්වය මැන බැලිම ආරම්බ කළ විගස (4 වැනි) මට්ටමේ සිට (3 වැනි) මට්ටමට පහළට පැමිණිමේ හැකියාව ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More