දේශීය පුවත්

ජර්මනියේ නිෂ්පාදිත PCR පරීක්ෂණ කට්ටල 15,000ක් අද(13) දිනයේ ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලංකන් UL 504 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලින් ගොඩබැ බව වගකීමෙන් ප්‍රකාශ කරමි. මිට අමතරව චීනයෙන් ලැබුන PCR පරීක්ෂණ කට්ටල ප්‍රමාණයක්ද ඇත. ඒ අතරම පරීක්ෂණ සදහා නාසය හරහා ස්ලේෂ්මල ලබාගන්න swab ප්‍රමාණයක්ද හෙට(14) උදය වරුවේ ලංකාවට ලගාවනු ඇත. මිට අමතරව මේ වන විට මෙම swab SLINTEC ආයතනයෙන් නිෂ්පාදනය කරමින් පවතී.

ඒ අතරම ඊයේ පමණක් අනුරාධපුර රෝහලට ස්ලේෂ්මල සාම්පල 300කට වඩා පරික්ෂා කිරීමට ලැබී ඇති අතර ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ 150 කට වඩා කර ඇත. නිරෝධන කදවුරු තුල පමණක් පරික්ෂන 600 කට වැඩ කර ඇති අතර රෝගය වැලදී ඇති සැකකරන අය අවට ජිවත්වන අයගේද පරීක්ෂණ කිරීම පුළුල් කර ඇත.

මෙවන් තාක්ෂණික කරුණු අනවශ්‍ය ප්‍රමාණයට වඩා කතා කිරීම ගෝචර නොවන නමුදු ජනතාව අතර වැරදි තොරතුරු ප්‍රචාරය වීම දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවෙමින් පවතින බැවින් මා ඉතා හොදින් දන්නා සත්‍ය තොරතුරු බෙදාගැනීම මගේ යුතුකමක් සේ දැඩිලෙස විශ්වාස කරමි.

ජනතාවගේ චිත්ත ධෛර්ය පදනම් විරහිත ලෙස බිදවැටීම අතිශයින් අවැඩ දායකය. ‍සෛෟඛය ශේත්‍රය හා ආරක්ෂක සේනාංක ඒකාබද්දව කරගෙන යනු ලබන සාධනීය වැඩ පිළිවෙල ගැන විශ්වාසය තබාගන්න ලෙසත් වසංගත රෝග අංශයේ සිටිනා එම විෂය පිළිබද විශේෂඥ දැනුම ප්‍රගුණ කල වගකීම් නිධාරීන් පිලිබද විශ්වසයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමි. ඒ අතරම තමන්ගේ පරම වගකීම තමනට හෝ පවුලේ කෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතු වුවහොත් ප්‍රතිකාර ගැනීමෙන් වැලකි සිටීමට ඉඩ නොදෙන ලෙසයි. කොරෝන වැළදෙන ඇති බහුතරයක් 96% කට වඩා සුවකළ හැක. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න

මහාචාර්ය අතුල සුමතිපාල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More