කොරෝනා වසංගතය සමග පාස්කු ඉරිදා ප‍්‍රහාරය අමතක වී ඇත. වසරක් ගතවන මෙම බිහිසුණු පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව වත්මන් තත්ත්වය මෙසේයි.
2019 අපේ‍්‍රල් 21 දා උදේ එල්ල වූ පාස්කු බෝම්බ ප‍්‍රහාරය පිටුපස සිටියේ අයිඑස් සංවිධානය ද එසේත් නැත්නම් ඇමරිකානු සීඅයිඒ සංවිධානය ද යන්න මෙතෙක් සොයා ගැනීමට රහස් පොලිසියට අද වනතුරු නොහැකි වී ඇත.
බෝම්බකරුවන් ළඟ තිබූ ජංගම දුරකථන රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර අධිකරණයේ අවසරයකින් තොරව ඇමරිකානු එෆ්බීඅයි පොලිසියට බාර දුන්නේය. ඒ මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය. බෝම්බකරුවන්ගේ ජංගම දුරකථන ඇමරිකානු එෆ්බීඅයි පොලිසියට බාරදීමෙන් සිදුවූයේ පාස්කු ප‍්‍රහාරයේ සැබෑ මොළකරුවන් සැගවීමයි. එෆ්බීඅයි පොලිසිය එම ජංගම දුරකථනවල කිසිදු දෙයක් නැති බව මෙරටට දැනුම් දීමෙන් ඒ බව සනාථ වේ.
එසේම පාස්කු ප‍්‍රහාරය කාගේ වැඩක් ද යන්න සෙවීමට පසුගිය යහපාලන රජය යටතේ කි‍්‍රයාත්මක වූ රහස් පොලිසිය ඊශ‍්‍රායල් මොසාඞ් බුද්ධි සේවාවේ හෝ තුර්කි බුද්ධි සේවාවේ සහය පැතුවේ නැත.
මෙම ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි සේවාව ශී‍්‍ර ලංකාවට දින 13 කට පෙර දන්වා තිබුණත් ජනපති, පොලිස්පති හා ආරක්‍ෂක ලේකම් එය මර්දනය කිරීමට පියවර ගෙන තිබුණේ නැත.
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු නමැත්තා පැවසුවේ එවන් ප‍්‍රහාරයක් ගැන තොරතුරු ලැබුණ බවත් එය මේ තරම් බරපතළ ප‍්‍රහාරයක් වන බවට අදහස් නොකළ බවත්ය.
හිටපු එජාප මන්තී‍්‍රවරයකු වූ හරින් ප‍්‍රනාන්දු නමැත්තාද පැවසුවේ තම පියා ඒ ගැන අනතුරු ඇඟවූ බවයි. එහෙත් ශානි අබේසේකරගේ රහස් පොලිසිය හරින් ප‍්‍රනාන්දු හෝ ඔහුගේ පියාගෙන් ඒ පිළිබඳව ප‍්‍රශ්න කළේ නැත.
පාස්කු ප‍්‍රහාරය එල්ලවීම ගැන හිටපු හමුදාපති මහේෂ් සේනානායක සඳහන් කළේ තමා එම ප‍්‍රහාරය දැනගත්තේ අන්තර්ජාලයෙන් බවයි. හමුදා බුද්ධි සේවාවේ 3500 කට අධික පිරිසක් සිටි අතර ඒ කිසිවකුට පාස්කු ප‍්‍රහාරය ගැන තොරතුරු ලැබී නොතිබුණි. විශේෂ කාර්ය බළකායේ හිටපු ප‍්‍රධානි ලතීෆ් පැවසුවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල වන බවට ඉන්දියාව ලබාදුන් තොරතුරු මත එම කාර්යාලයට දැඩි ආරක්‍ෂාව යෙදවූ බවයි. එහෙත් කොච්චිකඬේ පල්ලිය සහ හෝටල්වලට ප‍්‍රහාර එල්ල කිරීම සිදුවූයේ පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා නොවේද? ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප‍්‍රහාර එල්ලවන බවට තොරතුරු ලැබුණා නම් ඊට සමානව තවත් ප‍්‍රහාර එල්ල වන බව විශේෂ කාර්ය බළකා හිටපු ප‍්‍රධානියා අවබෝධ කර නොගත්තේ මන්ද?
මේ හැර ජාතික තව්හිද් ජමාත් සංවිධානය සම්බන්ධව පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලිපි ගොනුවක් යොමු කර තිබුණි. එහෙත් එම ලිපි ගොනු විමර්ශනය කිරීම බාරව සිටි නීති නිලධාරියා ඒ ගැන අවධානය යොමු කර නැත. ඔහුට එරෙහිව අද වනතුරු වත්මන් රජය නීති මගින් පියවර ගෙන ද නැත. පාස්කු ප‍්‍රහාරයට ගොදුරු වී 300 ක් අමු අමුවේ ඝාතනය විය. ඔවුන්ට යුක්තිය හිමි වූයේ නැත. යහපාලන රජය පාර්ලිමේන්තු කමිටුවක් ද පත් කරනු ලැබීය. මේ කමිටුව නිර්දේශ ඉදිරිපත් කළත් ඒ ගැන කි‍්‍රයාත්මක වී නැත. මෛති‍්‍රපාල සිරිසේන සමයේ විශේෂ බුද්ධි සේවා ප‍්‍රධානියා වූයේ නිලන්ත ජයවර්ධනයි. ඔහු ධුරයෙන් වෙනත් ස්ථානයකට මාරු කෙරිණි. එසේම කොච්චිකඬේ ප‍්‍රදේශය භාර පොලිස් නිලධාරියා පාස්කු ප‍්‍රහාරය ගැන අනතුරු ඇගවීමේ නිවේදනයේ දිනය වෙනස් කරන ලෙස සී.අයි.ඞී. නිලධාරීන්ට උපදෙස් දී ඇති බව හෙලිවිය.
එහෙත් ඔහුව පානදුර පොලිස් බලප‍්‍රදේශයට මාරු කිරීම පමණක් සිදුවිය. මේ පොලිස් නිලධාරියාව ධුරයෙන් පහකර අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයා කළ යුතු වුවත් එවැන්නක් සිදුවී නැත.
මේ හැර පාස්කු ප‍්‍රහාරය සිදුවීමට පෙර හමුදා බුද්ධි සේවාවේ ප‍්‍රධානියා වූ බිගේ‍්‍රඩියර් සුරේන් සලේ ධුරයෙන් ඉවත් කිරීමට කි‍්‍රයා කළේය. සුරේන් යාලේ ඉවත් කිරීමක් සමගම බුද්ධි අංශ අඩපණ විය. මේ ගැන රහස් පොලිසිය ප‍්‍රශ්න කළේ නැත.
එසේම යහපාලන සමයේ මුස්ලිම් දේශපාලකයන් ඉතා බලවත් විය. අසාද් සාලි, රාවුෆ් හකීම්, හිස්බුල්ලා, බදුර්දීන් වැනි පාර්ශ්ව රටේ ආරක්‍ෂාවට ද බරපතළ ලෙස මැදිහත් විය. මේ හැර මුස්ලිම් කවුන්සලය ද ජාතික ආරක්‍ෂාවට මැදිහත් විය. අයිඑස් කි‍්‍රයාකාරීන් මෙරටින් සිරියාවට ගොස් ඇතැයි හිටපු අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ පැවසූ විට මුස්ලිම් කවුන්සිලයේ ප‍්‍රධානියා ඊට එරෙහි වී ඒ ගැන නිදහසට කරුණු අසන ලෙස රජයට කියා සිටියේය.
මේ පසුබිම මැද රුසියානු රහස් බුද්ධි සේවාව පැවසුවේ ශී‍්‍ර ලංකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට අයිඑස් සම්බන්ධ බවයි. එහෙත් රුසියානු ප‍්‍රකාශය බැහැර කරමින් ශානි අබේසේකරගේ රහස් පොලිසිය අයිඑස් සම්බන්ධ බවට තොරතුරු ලැබී නැති බව කියා සිටියේය.
මේ අතර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සඳහන් කළේ මාවනැල්ල බුදුපිළිමය කැඞීමට සම්බන්ධ සැකකරුවන් පොලිසියට බාරදෙන බවට අසද් සාලි ප‍්‍රතිඥා දුන් බවයි.
මෙහිදී නැගෙන ප‍්‍රශ්නය නම් අසාද් සාලි කවුද යන්නයි. මේ අන්දමට පිටස්තර පුද්ගලයන්ට සැකකරුවන් බාරදිය හැකිද? අසාද් සාලිලා රටේ ආරක්‍ෂාවට මැදිහත් වූ අයුරු මින් සනාථවේ.
එහෙත් අසාද් සාලිට එරෙහිව මෙතෙක් පියවරක් ගෙන නැත. හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මුස්ලිම් ඡන්ද බලාගෙන මුස්ලිම් දේශපාලකයන්ට නතු විය.
මේ තත්ත්වය මත පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වසරක් ගතවන අවස්ථාවේ රාජකාරිය පැහැර හැරීම, තොරතුරු වසන් කිරීම සහ පාස්කු ප‍්‍රහාරය වසන් කිරීමට වගකිවයුතු පිරිස් නිදැල්ලේ සිටිති.
මේ අතර පාස්කු ප‍්‍රහාරය ගැන ඉන්දීය රජය කල්තියා හමුදාවට දැනුම් දුන් බව කිව හැකිද? බිහිසුණු පාස්කු ප‍්‍රහාරයක් ගැන හමුදා බුද්ධි සේවාවට තොරතුරු නොලැබීම යනු හමුදා බුද්ධි සේවාවේ බිඳ වැටීමකි.
පාස්කු ප‍්‍රහාරය ගැන කල් තියා කි‍්‍රයා නොකිරීම ගැන හිටපු දේශපාලකයන්ගේ දෑත්වල ලේ තැවරී ඇත. ඔව්හු වෙස්මුහුණක් දමාගෙන යළිත් මැතිවරණයට ඉදිරිපත් වී සිටියි.
යහපාලන රජය යටතේ මුස්ලිම් ත‍්‍රස්තවාදී සහරාන් නමින් වසර 2 කට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ අන්තවාදය පතුරවද්දී රනිල් – මෛති‍්‍රපාල යහපාලන රජය බලා සිටියේය. පාස්කු ප‍්‍රහාරයට සති තුනකට පෙර ද සහරාන් තම අන්තවාදී ප‍්‍රකාශ යූ ටියුබ් ඔස්සේ ප‍්‍රචාරය කරන අවස්ථාවේ පසුගිය රජය පියවර ගත්තේ නැත.
ඒ මුස්ලිම් ජනතාව අමනාප වනු ඇතැයි සිතමිනි. මේ අතර ද්‍රවිඩ සන්ධානයේ හිටපු මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් වාර්ගික ප‍්‍රශ්න නොවිසදීමට රජය කි‍්‍රයා නොකිරීම නිසා මෙවන් ප‍්‍රහාර එල්ල වන බව පවසා තිබුණි. සුමන්තිරන්ගේ මේ ප‍්‍රකාශය පාස්කු ප‍්‍රහාරය අනුමත කිරීමක් නොවේද? එහෙත් මේ ප‍්‍රකාශයට එරෙහිව රජය පියවර ගත්තේ නැත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...