ප්‍රංශයේ ජනාධිපති එමැනුවෙල් මැක්‍රේන් මහතා COVID-19 වෛරසයේ පැතිරීම පාලනය කරනු පිණිස ප්‍රංශය මැයි මස 11 වෙනි දින දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව ප්‍රංශ ජන මාධ්‍යය පවසා සිටී.ප්‍රංශ ජනාධිපතිවරයා එරට රාජ්‍යය රූපවාහිනිය මගින් ජාතිය අමතමින් පවසා සිටියේ මැයි 11 වෙනිදා දක්වා රජය පනවන නීති වලට අනූකූල වෙමින් වෛරස් වසංගතය පාලනය කිරීමට රජයට සහයෝගය දෙන ලෙසය. පසුගිය පැය 24 තුළ ප්‍රංශයේ වෛරසය ආසාදනයෙන් 574 දෙනෙකු මියගොස් ඇති බව මාධ්‍යය වාර්තා කර සිටී.
ජනාධිපතිවරයා සිය කතාව තුළ ප්‍රංශය මෙම වසංගතයට හොඳින් සූදානම් නොවූ බව පිළිගනිමින් වෛරසය පාලනය කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින සෞඛ්‍යය අංශ ඇතුළු අනෙකුත් අංශ දක්වන දායකත්වය ඉහළින් අගය කිරීමට වග බලා ගත්තේය. දැනට වසා දමා තිබෙන ආයාතන වල සේවකයන්ගේ ගැටළු විසඳීමට අවශ්‍යය වන ආර්ථික සහයෝගිතාවය සැලසීමට රජය කටයුතු කරණ බවද ජනාධිපතිවරයා සිය කථාවේදී සඳහන් කළේය.
එසේම සංස්කෘතික,සංචාරක,හෝටල් සහ ආපනශාලා යන ක්ෂේත්‍රවලට අලුත් වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බවද පවසා සිටියේය.මැයි 11 වන දායින් පසුව ප්‍රංශය අලුත් ගමණක් ආරම්භ කරන බව පවසන ප්‍රංශ ජනාධිපතිවරයා පෙරපාසල්,පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයාතන ක්‍රම ක්‍රමයෙන් විවෘත කිරීමෙන් අනතුරුව නව ගමනේ පළමු පියවර සනිටුහන් වෙන බව ජනාධිපතිවරයා පවසා සිටියේය.කෙසේ වුවද ආපනශාලා,කෝපිහල් ආදිය මෙන්ම මහජනයා එක් රැස් වෙන ස්ථාන නැවත විවෘත කිරීමට තව කාලයක් ගතවනු ඇති බවද අවධාරණය කළේය.උත්සව සහ මහජනයා විශාල වශයෙන් සහභාගි වන කටයුතු ආරම්භවීමට අඩුම තරමින් මෙම වර්ෂයේ ජූලි මාසය වන තෙක්වත් බලා සිටීමට සිදුවන බවද එතුමා පවසා සිටියේය.
ප්‍රංශයේ , යුරෝපා සංගමයට අයත් නොවන දේශ සීමාවන් තවදුරටත් වසා තැබෙන අතර මැයි මස 11 වන විට සියලු දෙනාටම මුඛ ආවරණ ලබාදීමට බලාපොරොත්තු වන බව පවසන ජනාධිපතිවරයා ආසාදිතයන් සමඟ සමබන්ධවන සේවකයන්ට මුඛ ආවරන අනිවාර්ය කර ඇති බවද පවසා සිටියේය.බටහිර රටවල් අතරින් ප්‍රංශය COVID-19 වෛරසයෙන් බරපතල ලෙස පහර කෑමට ලක්වූ රටකි.වෛරස ආසාදිතයන් සහ වෛරසය හේතුවෙන් මිය යන අයවලුන් සැලකූ කල ප්‍රංශය පසුපසින් සිටින්නේ අමෙරිකාව, ඉතාලිය සහ ස්පාඤ්ඤයට පමණි.
ප්‍රංශයේ මේ වන විට වෛරස් ආසාදිතයින් 133685ක් සිටින අතර වෛරසය ආසාදනයෙන් 15,000ක් මේ වන විට මිය ගොස් ඇත.පසුගිය සති අන්තයේදී රෝහල් තුළ වෛරස් ආසාදනය හේතුවෙන් මිය යන අයගේ අඩුවක් දක්නට ලැබුනු අතර හදිසි ප්‍රතිකාර ඒකක වලට ඇතුලත් කරන රෝගීන්ගේද අඩුවක් දක්නට ලැබුණි. COVID-19 වෛරසයේ ආසාදනය හේතුවෙන් ප්‍රංශ ආර්ථිකයට බරපතල අණතුරක් සිදුවී ඇති බව පවසන ප්‍රංශ මහ බැංකුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශය පළමු කාර්තුවේ දී මුහුණ දුන් බරපතලම ආර්ථික පසුබැසීම සිදුවී ඇති බව පවසා සිටී.මාර්තු මාසයේ අවසාන සති දෙක තුළ පමණක් ප්‍රංශ ආර්ථික කටයුතු 32%කින් හැකිලී ඇතැයි පවසන ප්‍රංශ මහ බැංකුව ප්‍රංශය අගුළු දමා ඇති සෑම සති දෙකකටම ආර්ථිකය 1.5%කින් හැකිලෙන බව පවසා සිටී.
ජීවන්ත ජයතිස්ස,
මූලාශ්‍ර – www.rt.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...