දේශීය පුවත්

අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අද (14) නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හිටපු මන්තී‍්‍රවරයා ඊයේ (13) අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවක් සම්බන්ධවයි.

රන්ජන් රාමනයක හිටපු මන්තී‍්‍රවරයාගේ භෞතචිකිත්සකවරයා යැයි පැවසූ පුද්ගලයෙකු හිටපු මන්තී‍්‍රවරයාගේ මාදිවෙල පිහිටි නිවසට පැමිණිමට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුව පරීක්ෂා කර තිබුණේය.

එහිදි හෙළි වුණේ අදාළ පුද්ගලයා ඇදිරී නිිති කොන්දේසි උල්ලංඝණය කරමින් මාදිවෙල නිවාස සංකීර්ණය වෙත පැමිණ ඇති බවය.

ඒ පිළිබඳ පොලිස් නිලධාරීන් ඔහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පැමිණ පොලිස් නිලධාරීන්ට බාධා කර තිබේ.

රන්ජන් රාමනායකහිටපු මන්තී‍්‍රවරයාගේ භෞත චිකිත්සකවරයා යැයි පැවසෙන පුද්ගලයාට ඇඳිරි නීති බලපත‍්‍රයක් තිබී ඇති අතර කෙසේවෙතත් එය පෙරේදා (12) දිනයේදී කල්ඉකුත්ව ඇති බවයි අනාවරණ වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More