දේශීය පුවත්

සහල් පාලන මිල පහත දැමීම පිළිබඳව සහල් කර්මාන්ත කරුවන්ගෙන් සහ වී ගොවීන්ගෙන් මතුවන විරෝධය පිළිබඳව ජාතික සංවිධානවල මතය ලංකා ලීඩ් විසින් විමසන ලදී. මේ අප ඇසු ප්‍රශ්ණ වලට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දුන් පිළිතුරු ‍ඔහුගේ වචනයෙන් සහ ඔහු විසින් රන්ගිරි රූපවාහිනියට කළ ප්‍රකාශය.

” අපේ රටේ සහල් මාෂියාවක් නැහැ – තියෙන්නේ තිරිඟු පිටි මාෂියාවක්. ඔවුන් පනත් 3ක් යටතේ රෙගුලාසි වෙනස් කරලා පාන් පිටි වලට පනවා තිබූ ආනයන බදු කි.ග්‍රෑම් 1 කට රු. 28 කින් අඩුකර ගත්තා. දැන් ඉතා සූක්ෂමව නිලධාරීන් හරහා සහල් වෙළඳපළ, සහල් කර්මාන්තය සහ වී ගොවියා වට්ටන්නා ඉතා සූක්ෂම ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා. ඒ තමා වී ගොවියාට සහතික මිල ගෙවන්න බැරි වෙන විදිහට සහල් පාලන මිල පහත දැමීම. ඒකෙන් පාරිභෝගිකයාට ලැබෙන විශේෂ සහනයක් නැහැ. හාල් කි.ග්‍රෑම් 1 කින් එක වේලකට 8 දෙනෙක් කනවා. හාල් රු. 8 කින් අඩුකලාම එක අයෙකුට වෙන්නේ රු. 1 කට අඩු මිලක්. නමුත් ඒ ගොන් වැඩෙන් පවුල් ලක්ෂ 8 මිනිසුන්ගේ ජිවිත ඇද වැටෙනවා. මහා මෝල් හිමියන්ට මිල අඩු කිරීම දරාගන්න පුළුවන් ඔවුන් ළඟ අඩු මිලට ගත් වී තොග, විශේෂයෙන්ම කීරි සම්බා තොග තිබෙන නිසා. කැකුළු කි.ග්‍රෑම් 1 ක් 95 කරලා නාඩු තැම්බූ සහල් 100 කරලා, සම්බා 105 කරලා, කීරි සම්බා 110 හෝ 115 කලොත් විතරයි කර්මාන්තයට පවතින්න පුළුවන්. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More