ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (14) මේ වනවිට කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද දිනයේ මේ දක්වා වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15 ක් බවද ඒ මහතා සඳහන් කළේය.
මේ වනවිට වාර්තා වී ඇති රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් අයෙක් ද , පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙක්ද , මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 4 දෙනෙක් සහ තවත් නිරෝධායන මධ්‍යස්ථානයකින් එක් අයෙකු වශයෙන් ආසාදිතයන් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 61 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...