PCR පරික්ෂණ කඩිනම් කළ යුතු බවට ලංකා ලිඩ් පර්යේෂණ ඒකකය විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන මතය යම් විද්වතුන් විසින් පටලවා ගන්නා බවක් පෙනෙන බැවින් පොදු මහජන අවබෝධය සඳහාමෙම පැහැදිළි කිරීම ඉදිරිපත් කරනු ලබයි.
එහිදී ආරක්ෂක හමුදා සහ සෞඛ්‍ය අංශ විසින් වසංගතය පාලනය කිරීම සඳහා කරනු ලබන උසස් කැපකිරීම් වල වටිනාකම අවතක්සේරු කිරීමට අල්පමාත්‍ර හෝ අදහසක් හෝ හැඟීමක් නොමැති බව මෙන්ම මහජනයා තුල අවිහ්වාසය ජනිත කිරීමේ උවමනාවක් නොමැති බව අවධාණය කළ යුතුය. ලංකා ලිඩ් මෙහෙවර වන්නේ හැකාතාක් ජනතාව දැනුම්වත් කොට වසංගත පාලනය සඳහා මහජන සහය දිරිමත් කිරීම මෙන්ම යම් අඩුපාඩු සාධකියව පෙන්වාදිමය.
එක් දිනකින් පවා පරීක්ෂණ 3500 ක් අවසන් කළ හැකි බව සඳහන් කරන්නේ රජය සතු ධාරිතාව සහ ආරක්ෂක හමුදා සහ සෞඛ්‍ය අංශ විසින් පෙන්වන මානසික සූදානම් කම පිළිබඳ නිවැරදි තක්සේරුවකින් යුතුවය. යුද්ධය සමයේ ඊට වඩා අභියෝග අප ජයගෙන ඇත. ඒ මඟින් එසේ පරීක්ෂණ එක් දිනකින් අවසන් කළ යුතු බවක් අදහස් වන්නේ නැත. ප්‍රාෙයා්ගික අමාරුකම් හෝ නොහැකියාවන් අනුව එය දින 03 කින් හෝ 04 ක් අවසන් කළ හැකි නම් එය හොඳ තත්වයකි. එහෙත් දින 10 ක් නම් ඒ සඳහා අවශ්‍ය වන්නේ නැත.
නිරෝධායනය අවසන් කිරීමට පෙර සහ සමාජයේ සිටින සැක කටයුතු පළමු පෙළ ස්පර්ශකයින් සඳහා PCR පරීක්ෂණ සිදුකළ බවට ලංකා ලීඩ් ඉදිරිපත් කළ මතය පිළිගනු ලැබුවේ ඒ ආකාරයට යම් කාලයකට පසුවය. නමුත් දැන් රෝගීන් හමුවන ආකාරය අනුව එහි වැදගත්කම තහවුරු වී ඇත. නමුත් ගම්මාන වලින නිරෝධායනය සඳහා යොමු කරන අය පළමු PCR පරීක්ෂණයෙන් පසුව වහාම නිදහස් කිරිමද වරදක් බව පෙන්වා දිය යුතුය. මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා හොඳම ක්‍රමය වන්නේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය ස්ථානය සහ ආවරණය කරන ප්‍රදේශය දිනපතා මහජනයාට එළිදරව් කිරිමය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...