මුහුණු පොතෙන්

කොරෝනා වසංගතය පාලනය සඳහා වෛද්‍යවරු ,හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කැපවී කටයුතු කරන කාලයකි.

ඒ අතර ගායන ශිල්පී ප්‍රදීප් රංගන ද වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන නිසා මේවනවිට එම කර්තව්‍යට එක්ව සිටී.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී තිබුණේ Covid-19 මාරාන්තික උවදුර අප මාතෘ භූමිය තුළින් තුරන් කළ දවසට, මහත් වූ ආඩම්බරයෙන් අපේ මිනිසුන් ගැන ප්‍රකාශ කළ හැකි බවය.

ඔහුගේ සටහන පහතින් දැක්වේ.

‘සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේ නිවසේ වෙනුවට රෝහලේ සිටීම මට මෙන්ම අනෙකුත් ජේෂ්ඨ සහ සහෝදර වෛද්‍යවරුන්ට අමුතු කාරණාවක් නොවේ. මෙවර විශේෂ කාරණය වන්නේ ඔබගේත් අපගේත් වැඩි පරිස්සමට PPE පැළඳ, ඔබට සේවය කිරීමයි.

Covid-19 අපව තවමත් ග්‍රහණය කරගනිමින් පවතී. ශ්‍රී ලංකා රජය,සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , සියලු ජේෂ්ඨ සහ අනෙකුත් වෛද්‍යවරු, හෙද කාර්යය මණ්ඩලය ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යය මණ්ඩලය , ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අනෙකුත් සියලුම වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් , විද්‍යුත් මාධ්‍ය,දැඩි කැපවීමකින් එදා සිට අද දක්වාත් ,ඉදිරියටත් අප වෙනුවෙන් සිය වගකීම ඉටු කරනු ඇත. ඔබ ඒ අයව අගය කරමින්, කෘතගුණ සැලකීම අපේ සංස්කෘතිය තුළ වූ උදාර ගුණය මනාව පෙන්වා දෙයි.

රටේ අති බහුතරයක් ජනතාව ආර්ථික, සමාජීය අපහසුතා රැසක් මැද ඉවසීමෙන් ,විනයකින් යුතුව එම උපදෙස් වලට අනුව කටයුතු කරමින්, හැකි අය උදවු අවශ්‍ය අයට තමන්ට හැකි ප්‍රමාණයෙන් උදව්කරමින්,තම වගකීම ඉටු කිරීම ප්‍රශංසනීය කරුණකි.

ඉවසිය යුත්තේ ඉවසීමට නොහැකිම තැනදී බව අප අසා ඇත. ඒ අනුව යමින් අපි අප වෙනුවෙන් තව ටික කාලයක් ඉවසමු.

Covid-19 මාරාන්තික උවදුර අප මාතෘ භූමිය තුළින් තුරන් කළ දවසට, අපේ උදාර පුංචි දේශය තුළ එකිනෙකාට ආදරයෙන්, තම වගකීම ඉටුකළ මිනිසුන් ලෙස නිහතමානී ආඩම්බරයකින් අපට පෞද්ගලිකව සතුටුවිය හැක. ලෝකේ අනිකුත් මහා දැවැන්ත යැයි කියාගන්නා රටවල් වලට මහත් වූ ආඩම්බරයෙන් අපේ මිනිසුන් ගැන ප්‍රකාශ කළ හැක.

තව ඉවසමු……………..

app-facebook
Pradeep Rangana (Official Fan Page)

20 hours ago

සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේ නිවසේ වෙනුවට රෝහලේ සිටීම මට මෙන්ම අනෙකුත් ජේෂ්ඨ සහ සහෝදර ෛද්‍යවරුන්ට අමුතු කාරණාවක් නොවේ. මෙවර විශේෂ කාරණය වන්නේ ඔබගේත් අපගේත් වැඩි පරිස්සමට PPE පැළඳ, ඔබට සේවය කිරීමයි.
Covid-19 අපව තවමත් ්‍රහණය කරගනිමින් පවතී. ශ්‍රී ලංකා රජය,සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , සියලු ජේෂ්ඨ සහ අනෙකුත් වෛද්‍යවරු, හෙද කාර්යය මණ්ඩලය ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යය මණ්ඩලය , ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අනෙකුත් සියලුම වගකිවයුතු රාජ්‍ය නිලධාර

See more

Image may contain: one or more people and people sitting
Image may contain: one or more people and close-up
820
154
37



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More