ව්‍යාපාරික පුවත්

රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.51 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 195.78 ක් ලෙසින් වාර්තා විය.

පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති පසුබිමක අද (15) දින මෙලෙස ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාවේ සිට රු. 195 සීමාවක දක්වා පහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.

මේ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොතිබුණ ද, වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ LOLC සමූහයට අයත්ව තිබූ කාම්බෝජයේ PRASAC Microfinance සමාගම විකිණීමෙන් ලද ඩොලර් මිලියන 422ක මුදලෙන් කොටසක් මෙරට තුළට ගලා ඒම මෙයාකාරයෙන් මෙරට විනිමය ශක්තිමත් කරලීමට හේතුවන්නට ඇති බවයි.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 192.93 ක් ලෙසින් වාර්තා වූ අතර මීට පෙර අප්‍රේල් 09 දින මෙම අගය දැක්වුණේ රු. 199.75 ක් ලෙසිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More