කළුතර කටුකරුන්ද ප‍්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ හදිසියේ නාදුනන පුද්ගලයෙක් මියයාමෙන් ප‍්‍රදේශයේ උණුසුමිකාරි තත්වයක් ඇතිව තිබේ.
මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප‍්‍රදේශවාසින් 1990 සුවසැරියට දැනුම්දි ඇතත් එය පැමිණ නොමැති බවයි වාර්තාවේ.
පසුව ඒ අසලින් ගමන්ගත් කළුතර පරිපාලන සෞඛ්‍ය පරික්‍ෂක ආර්.ජි.සිංහභාහු මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට මේ බව දැනුම් දිමේදි ඔවුන් රෝගියා පරික්‍ෂා කර ඇති අතර ඊට සුඵ මොහොතකට පසුව ඔහු මියගොස් තිබේ.
මියගොස් ඇති පුද්ගලයා උණ ගතියෙන් සිට ඇති බැවින් ඔහු පරික්‍ෂා කිරිමට යොදාගත් ආරක්‍ෂිත ඇදුම් කට්ටලයද පුලුස්සා දමා ඇත.
පසුව ස්ථානයට පැමිණ කළුතර දකුණ පොලිස් නිළධාරින් විසින් ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකගේද සේවය ලබාගෙන මළසිරුර ආරක්‍ෂා සහිතව පොලිතින් වලින් ඔතා කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...