මෝර්ගන් ක්‍රීක් කැපිටල් මැනේජ්මන්ට් නම් ආයාතනය අමෙරිකාවේ නිව්යෝක් නුවර පදනම් කර ගත් ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයතන වලට , ධනවත් පුද්ගලයන්ට සහ ධනවත් පවුල් වලට උපදෙස් සපයන ආයාතනයකි. මාර්ක් යුසුකෝ යනු එම ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියාද වන්නේය. ඔහු නොට්‍රෝ ඩෑම් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ මූල්‍යය කළමණාකරනය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක් මෙන්ම චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ මූල්‍යය කළමණාකරනය පිළිබඳ පරිපාලන උසස් උපාධියද හිමි අයෙකි.
ඔහු ලෝකය වත්මනෙහි COVID-19 වසංගතයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පවසා සිටියේ,”COVඓඪ්-19 වෛරස් වසංගතය තමාට ලෝකය ගෙවීමට ඇති බදු මුදල අයකරමින් සිටින අතර තුර ලෝකයේ රටවල මහ බැංකු සහ මූල්‍යය ප්‍රතිපත්ති නිර්මාණය කරන්නෝ ලෝක ආර්ථිකය යථාවත් කිරීමට අවසන් උත්සාහය ලෙස දැවැන්ත උත්තේජනයන් ආර්ථිකයට ලබාදීමට කටයුතු කරමින් සිටිති.” යනුවෙනි. සමස්ත ලෝකයේ ව්‍යාපාර සහ කර්මාන්ත බිඳවැටෙමින් තිබෙන තත්වයක් තුළ ලෝක ආර්ථිකය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ විට “අද තිබෙන සැබෑ ගැටළුව වෛරසය නොවෙයි සැබෑ ගැටලුව තර්ජනය ඊට වඩා බරපතලයි” යනුවෙන් පැවසීය.යුසුකෝට අනුව එකම සහ මාරාන්තික වෛරසය COVID-19 නොවන අතර COVID-19 වෛරසයට වඩා ඉතා භයානක වෛරස ලෝකය පුරා ව්‍යාප්තව තිබේ.ඔහුගේ විග්‍රහයට අනුව විශේෂයෙන්ම ලෝකය පුරාම රාජ්‍යයන් තම බදු ආදායම් සහ මූල්‍යය තත්වයන් උත්තේජනය කිරීම පිණිස ගන්නා පෙරනොවූ විරූ ආකාරයේ උත්තේජන ක්‍රියාවලින් ලෝක ආර්ථිකයට බරපතල මරණයක් අත්පත් කර දීමට නියමිතය.
මාර්ක් යුසුකෝ මහතා වැඩිදුරටත් පවසා සිටියේ “දැන් අප ඉඟි ලක්ෂය හෙවත් ඩොලර් නෝට්ටු වැසිකිලි කඩදාසි ලෙස භාවිත කරන සන්ධි ස්ථානයට පැමිණ තිබෙනවා.අප මූලික වශයෙන් පවසා සිටින්නේ කොතරම් ඩොලර් මුද්‍රණය කරනවාද යන්න දැන් අදාල නැහැ ; ලේ ගැලීම නවතින තෙක් අප ඩොලර් මුද්‍රණය කරගෙන යනවා.” යනුවෙන් පවසා සිටියේය.
ඔහුගේ මතයට අනුව මහජනයා අමතක කර තිබෙන කරුණක් නම් දේපල වල මිළ ඉහළ යාම යහපත් කරුණක් නොවේය යන්නයි. “මේ රටේ ජනයාගෙන් 49%කට කිසිදු දේපලක හිමිකමක් නැහැ.” යනුවෙන් ඒ මහතා අවධාරණය කර සිටී.
” එහෙනම් මේ රටේ සිදුවන්නේ කුමක්දැයි හොඳින් සොයා බැලුවහොත් පෙනීයන්නේ මෙහි තිබෙන්නේ චෞරතන්ත්‍රයක් බව වැටහේවි.මෙම තත්වය දශක ගණනක් තිස්සේ මේ රටේ පැවතුනා. ප්‍රමාණාත්මක ලිහිල් කිරීම හෙවත් රාජ්‍යය සුරැකුම් මහබැංකුව විසින් මිළදී ගැනීම ආර්ථික වර්ධනයට හේතුවක් වන්නේ නැහැ.ප්‍රමාණාත්මක ලිහිල්කරණය මගින් සිදුවන්නේ 99%ක් මහජනයා දුප්පතුන් වීමත් 1%ක් පමණ සුළු කොටසක් අත්‍යන්ත පොහොසතුන් බවට පත්වීමත් පමණයි.පසුගිය සති කිහිපය පුරා මේ රටේ ඉහළම වේගයකින් සිදු වූයේ එයයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
අමෙරිකාවේ මෝර්ගන් ක්‍රීක් කැපිටල් මැනේජ්මන්ට් ආයාතනයේ ප්‍රධාන විධායක නිළධාරියාට අනුව ලෝක ආර්ථිකය දැවැන්ත පසුබැස්මක සිට දැවැන්ත ආර්ථික අවපාතයක අද්දරට පැමිණ ඇත.
ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com
මූලාශ්‍ර www.rt.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...