දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය මර්ධනය කිරීමට සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමින් එතුමා මේ බව ප්‍රකාශ කර ඇත.වැඩි දුරටත් මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ මොහොත වන විටත්,ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා විශාල කාර්යභාරයක් කරමින් සිටින බවද  සඳහන් කර ඇත.

එමෙන්ම රටේ මහජනතාව ද ඊට සහයෝගය දක්වමින් කටයුතු කරන බව හිටපු අගමැතිවරයා අවධාරණය කර සිටී.
COVID-19 වෛරසය මර්ධනයට අවශ්‍ය මුව ආවරණ, පරීක්‍ෂණ කට්ටල, කෘත්‍රීම ශ්වසන උපකරණ හිගයක් ඇති නමුත් ශ‍්‍රී ලංකා රජය මෙම තත්වයට ජනවාරි මාසයේ සිට සූදානම් වී තිබුණේ නම් තත්වය මීට වඩා යහපත් වන්නට ඉඩ තිබූ බව හිටපු අගමැතිවරයා ගේ අදහස බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.

මෙම වසංගතය තත්ත්වය යුද්ධයක් ජය ගන්නවාට  වඩා විශාල  අභියෝගයක් බව පවසා ඇති වික්‍රමසිංහ මහතා එයට මුහුණදීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය යයිද වැඩිදුරටත් සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More