කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පුද්ගලයින් 235 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන් තවත් පුද්ගලයින් 165 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
වෛරස ආසාදිතයින්ගේ වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 47ක් වෙයි.
කළුතර දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 45 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
එම දිස්ත්‍රික්කයෙන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකින් වෙයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 35 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 26 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 13 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයට ලක් වු පුද්ගලයින් 07දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් තිබේ.
අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඒ අනුව මේ දක්වා කාලය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 63ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...