කොවිඩ් නයින්ටීන් වසංගතයත් සමඟ රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වී ඇති කොමඩු අස්වැන්න අපනයනය කිරීමට මෙරට පෞද්ගලික සමාගමක් අද (15) ඉදිරිපත් වුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීමක් මත එම සමාගම අද පළමු අස්වැන්න මිලදී ගත්තේය.
ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපාරය ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවල සරුවට වැවෙන කොමඩු, අපේ රටේ ගොවීන් අතර ඉතා ජනප්‍රිය භෝග වගාවක්.
නමුත්, රටේ පවතින ඇඳිරි නීති වාතාවරණය තුළ එම අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වීමත්, අස්වනු සඳහා ප්‍රමාණවත් මුදලක් නොලැබීමත් ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.
කොමඩු අස්වැන්න මෙලෙස විකුණා ගත නොහැකිව ඇති පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී මෙරට පළතුරු හා ආර්ථික භෝග අපනයන සමාගමක් වන සැන්මික් සමූහ ව්‍යාපාරය සමග ඊයේ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේදීම කොමඩු මිලදී ගැනීම ආරම්භ කළේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා සිටින ගොවීන්ගෙන් කොමඩු මිලදී ගැනෙනු ඇති.
මෙම ආයතනයෙන් දෛනිකව ටොන් 25ක ප්‍රමාණයක් මිලදී ගැනීම සිදු කෙරෙයි.
ඒ අනුව කොමඩු මිලදී ගැනීම සියයට සියයකින් වැඩිකර ඒවා කොමඩු, යුෂ ලෙස සකස් කර අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ යුරෝපානු රටවල් වෙත අපනයන කිරීමට සැලසුම් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...