දේශීය පුවත්

මැතිවරණය පැවැත්විම සඳහා කොවිඩ් 19 වසංගතය 100% ක් අවසන් විය යුතු බවට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචන වලින්,

” මැතිවරන කොමසාරිස්තුමා, මංගල සමරවීර මහත්තයා, අනුර දිසානායක සහෝදරයා එකම භාෂාවක් කථා කරන බව පේනවා. ඔවුන්ගේ වචන එක අරමුණක් දෙසට යොමු වෙනවා. ඒ තමා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා කෙසේ හෝ පාර්ලිමෙන්තුව නැවත කැඳවා ගැනිම. එතකොට ඒක නව පාර්ලිමෙන්තුවක්, ජනාධිපතිතුමාගේ මුදල් බලය අහෝසි වෙලා නැවත අස්ථාවර පාර්ලිමෙන්තුවකට අවුල් හදන්න ඉඩ ලැබෙනවා. එදා 2007 දී අයවැය පරදවලා යුද්ධය පරදවන්න උත්සහාකළා වගේ මෙදා වසංගත තත්වය පාලනය කිරීම සහ ආර්ථිකය නැවත ගොඩ නැගීමේ ක්‍රියාන්විතය අවුල් කරලා රට අවුල් කරන්න හදනවා. “

තවදුරටත් විස්තර කියමින් ඔහු සඳහන් කළේ , මැතිවරණ කොමසාරිස්ගේ අංක 21/67/19 දරණ මාර්තු 26 නිකුත් කළ ගැසට් නිවේදනය පොඩි එකාගේ ලියුම වැනි ලේඛනයක් බවය. එම ගැසටුව 1980 පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට පටහැනි බව සහ ඊට අනුව මැතිවරණය කල් දැමීමේ ගැසටුවක් නිකුත් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය. පනත අනුව මැතිවරණ කොමසාරිස්ට ගැසටුවක් නිකුත් කරමින් මැතිවරණය කල් දැමිය හැක්කේ පවත්වන දිනය නියම කරන්නේ නම් පමණි. දිනයක් නොමැතිව කල් දැමිමට ඔහුට බලයක් නැත යනුවෙන්ද වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

එසේම මැතිවරනය කල් දමන්නේ කොවිඩ් 19 නිසා බව සඳහන් කිරීමේ උවමනාව කුමක් දැයි මංගත සමරවිර මහතාගේ ප්‍රකාශයෙන් එනම් වසංගතය 100% පාලනය කිරීමේ කොන්දේසිය පැනවීම මඟින් පැහැදිළි වන බවද ඔහු සඳහන් කළේය. මැතිවරණය කල් දැමීම සිදුවනවා නම් එසේ වන්නේ වසංගතයක් තිබෙන නිසා නොව එය පාලනය කිරීමට ඇඳිරිනිතිය ඇතුළු සමාජය දුරස්ථ කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම නිසාය. වසංතය 100% පාලනය කිරීමට පෙර එනම් යම් මට්ටමකට පාලනය කළ පසුව සමාජයට පනවා ඇති බාධක ඉවත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More