නව කොරෝනා වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති තහංචි ඉවත් කිරීමට සහ ලිහිල් කිරීමට රජය හදිසි නොවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි.
තහංචි ඉවත් කිරීම සඳහා රටට ඇති හැකියාව පිළිබඳව පූර්ව අනාවැකි පළකිරීමට මේ මොහොත කල් වැඩි බවද හෙතෙම කියා සිටියේය.
එසේම මෙම වසංගතය ලෝක මට්ටමින් යම් පාලනයකට ලක්වෙන මොහොතක රටට පුද්ගලයන් ඇතුළු වන වරාය හා ගුවන් තොටුපළ විවෘත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත් එහිදී රටට ඇතුළු වන සියලූම පුද්ගලයන් අනිවාර්යෙන්ම පරීක්ෂණවලට හා නිරෝධායන ක‍්‍රියාවලියකට ඇතුළත් කළ යුතු බවත් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කීවේය.
අලූත් අවුරුදු සමයේ මෙම වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අති බහුතරයක් ජනතාව නොමඳ සහයක් ලබාදී ඇති බවත් ඒ පිළිබඳව ජනතාවට ස්තුතිය පුද කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු ඊයේ (15) ඔහු මේ බව අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...