රුසියාවේ කොරෝනා වයිරස් ආසාදිත රෝගීන්ගෙන් 30% කට ආසන්න සංඛ්‍යාවක් අදාල රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන බව ආසාදිත හා පැතිර යන රෝග පිළිබඳ රුසියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Anna Papova පැවසීය.
ඇය පවසන පරිදි, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නිරෝගී පුද්ගලයින් පරීක්ෂා කිරීම වැඩි වන විට, රෝගීන් ගණන ද එන්න එන්නම වැඩි වී තිබේ. මෙවැනි පුද්ගලයන් වෛරස වාහකයින් වන අතර, ඔවුන් ඒ පිළිබඳව නොදැන සිටීම වෛරසය ප්‍රචාරය වැඩිවීමට හේතු වේ. එබැවින් නිරෝගී පුද්ගලයින් පවා තම නිවෙස් තුළට වී සිටීමේ වැදගත්කම පිළිබඳව ඇය තවදුරටත් අවධාරණය කර ඇත.
අඟහරුවාදා (04.14) දින මොස්කව් ප්‍රාන්තයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයන් ගෙන් 52% වන පිරිසකට අදාළ රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම්කර නැත. මේ වන විට මොස්කව් ප්‍රාන්තයේ පමණක් දිනකට පරීක්ෂණ 25,000 සිදුකරන අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එම සංඛ්‍යාව දෙගුණයක් කරන මෙන් පවසා තිබේ. අද (15.04) වන විට රුසියාව තුල COVID-19 තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ මිලියන 1.5 ප්‍රමාණයක් සිදු කර ඇත.
මොස්කව්හි, කොරෝනා වයිරස අසාදිත රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එය 04.14 දිනට 13,002 කි. රුසියාවේ සියලු රෝගීන් ගණන 21,102 ක් ලෙස තහවුරු විය.
මූලාශ්‍ර – news.mail.ru
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...