අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොහොයුරා පසුගිය වසරේ පාස්කු ඉරුදින මඩකළපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැත්තා සමග දුරකථන සංවාද හතක් පවත්වා ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් හෙළි වී තිබේ.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරු බදියුද්දීන් මොහොමඩ් රියාජ් පෙරේදා (14 වැනිදා) පුත්තලමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුණි.
මොහු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා නීතිඥයකු වන අතර ඔහු මාවනැල්ල බුදුපිළිම කැඩූ ඉබ්රාහිම් සහෝදරයන් දෙදෙනාගේ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයායි.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් සහරාන් තමාගේ වාහනයෙන් රැගෙන ගිය බවට ලැබී ඇති තොරතුරු සනාථ කර ගැනීමට ද දැනට රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි. රාජ්‍ය නොවන සංවිධානයකට අයත් රුපියල් ලක්ෂ දහසක් ගිණුමක ඇතැයි කියන සිද්ධියක් ගැනද විමර්ශන අරඹා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...