– කොරෝනා වසංගතය පැවතියද
– කොරෝනා වසංගත තත්වයක් පැවතියද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කරමින් පුද්ගලික තේ කම්හල් 600ක් පමණ මේ වනවිට තේ නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම වික‍්‍රමසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් උපදෙස් හා නීති මාලාවන්ට අනුකුලව තේ කම්හල්වල කටයුතු කරගෙන යන බව පවසන තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවතින තත්වය යටතේ සේවකයින් සීමාකොට කම්හල්වල කටයුතු කරගෙන යන බවද පවසයි. තේ වෙන්දේසිය ප‍්‍රමාදවීම නිසා තේ කම්හල්වලට තේ දළු සපයන දළු හිමියන්ට අලූත් අවුරුද්දට මුදල් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තේ මණ්ඩලය මගින් ලබාදුන් බවද පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
මෙවර තේ වෙන්දේසිය ඩිජිටල් ක‍්‍රමය යටතේ පැවැත්වූ බවත් තේ කිලෝවක මිල පසුගිය වෙන්දේසියට වඩා රුපියල් 80කින් පමණ වැඩිවී ඇති බවද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...