ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා පැතිරීම ලොව පුර වසංගතය තත්වයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවයේ ඉතාමත් වීශිෂ්ට මට්ටමක පවතින අංශයක් වන්නේ රෝග වලක්වා ගැනීමේ මහජන සෞඛ්‍ය අංශයයි. එම සේවා ජාලය මෙන්ම ප්‍රතිකාර සේවාවන්ද භාවිතා කරමින්, සිදුවිය හැකි තර්ජනයට එරෙහිව සටන් කිරීමට වේගයෙන් ඉදිරියට ගිය පළමු රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටියේය. අභාග්‍යක තරම නම්, හැදල ස්ථාපිත කිරීමට යෝජිත වූ නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා මුලින්ම දියත් වීමයි. ලාදුරු යනු බෝවන රෝගයක් වන අතර මෙම හැදල මධ්‍යස්ථානය ලාදුරු රෝගයට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස බොහෝ කලක් පැවතී රෝහලකි. අභාග්‍යම සම්පන්න හෙතුව් නම් මෙම විරෝධතාවන්ට දේශපාලඥයන් සහ පූජ්‍ය පක්ෂයද අනුබල දීමයි. මගේ දැනුමේ හැටියට ඒ කාලයේ ලාදුරු රෝහලට එරෙහිව කිසි විටෙකත් විරෝධතා නොතිබුණි. එහෙත් එම පරම්පරාව තවදුරටත් ජිවතුන් අතර නොමැති විම මෙම කණගාටු දායක විරෝධයට හේතුව විය හැකිය.
විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ සැලසුමට එරෙහිව ගුවන්තොටුපලේ විරෝධතාද අපි දුටුවෙමු. කනගාටුවට කරුණක් නම් නිරෝධායනය යනු යම් කාලයක ශ්‍රී ලංකාවට ඉතාමත් හුරු සංකල්පයක් ව පැවතීමයි. නමුත් සරදම, චිකන්පොක්ස් නැතිනම් පැපොල වැළැක්වීමේ එන්නතේ සාධනීය ප්‍රතිලාභ, ශ්‍රී ලංකාවේ වත්මන් පරම්පරාවට එවන් රෝග පැතිරීම වැලැක්වීම සඳහා නිරෝධනය නැමති මූලික මහජන සෞඛ්‍ය ප්‍රවේශයේ හොඳ පැරණි මතකයන් අතුගා දැමීමට සමත්ව තිබීමයි.
තවද ආපසු පැමිණි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගෙන් රුපියල් 7500 ක ගාස්තුවක් අය කරන බවට චෝදනා කරමින්ද සමහරු විරෝධතා දැක්වූහ. විදේශයන් සිට නැවත ලංකාවට පැමිණි බොහෝදෙනා ලංකාවට විදේශ විනිමය උපයන බව සත්‍යයකි. එහෙත් ඔවුන් විදේශ ගත වුයේ ලංකාවට විදේශ විනිමය උපාය දීමේ මුක්‍ය පරමාර්ථයෙන් නොව, තම තමාගේ හා තමන්ගේ පවුල්වල උදවියට වඩා හොද ජිවන මට්ටමක් ලබා දීම සදහාය. වැඩි දුර අධ්‍යාපනය ලබා ගැනීම සදහාවිදේශ ගත වූ දරුවන්ට සාපේක්ෂව මෙම සමාජ ස්තරය වෙනස්ය. කොරෝන අර්බුදයේ මුල් අවස්ථාව හමුවේ රජය, චීනයේ සිටින ශ්‍රී ලාංකීය දරුවන් ගෙන්වා ගැනීම සදහා ගුවන් යානයක් යැවීමත් ඔවුන් පැමිණි පසු එම දරුවන් සති 2ක් නිරෝධනයේ යෙදවීමටත්, එම වියදම් සහමුලින්ම දැරීමටත් ගත් පියවර අතිශය පැසසුම් ජනකය. එහෙත් විදේශගතව යමක් හරි හම්බ කරගන්නා සමාජ ස්ථරයෙන් රජය යම් මුදලක් අය කරනවනම් වුවද එය සාධාරණය. මෙවන් අවස්ථාවක තම කැමැත්තෙන් යම් පරිත්‍යාග කරනවා වෙනුවට රජය මුදල් අයකරනවාය යන චෝදනාව හමුවේ සමහරුන් හැසිරුණ ආකාරය ද පිලිකුක් සහගතය. සමහරු ඉන් නොනැවතී වායු සමනය කල කාමර ඉල්ලා සිටියේ ඒවා යුරෝපදීවත් ඔවුනට නොලැබුන පහසුකම් බව අමතක වීම නිසා නොව නොතිබූ බොරු ජිවන මට්ටමක් තිබුන බව හැගවීමේ මහන්තත්ව කමකින් බව මගේ හැගීමයි. අමුනුස්සකම එතනින් නවතින්නේ නැත.
මඩකලපුව රෝහල අසලද විරෝධත පැවැත්වුනේ මෙම රෝගීන්ට එම රෝහල් තුල ප්‍රතිකාර නොකරන ලෙස තර්ජනය කරමිනි.
ඊටත් ඔබ්බට හිග හාස්‍ය ජනක කරුණ වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මෙම වැඩ කටයුතු සදහා හමුදාව යොදාගන්නේ දැන් හමුදා රජයක් පවතින නිසදැයි ප්‍රශ්න කළේය. රටක සදිසි තත්වයන් හමුවේ මෙවන් ආපදා කලමනකරණයන් සදහා හමුදාවේ මැදිහත් වීම ලොව පුර පමණක් නොව අපටද අලුත් අද්දැකීමක් නොවේ. ජවිපේ ඇමතිකම් දැරූ චන්ද්‍රික කුමාරණතුංග රජය සුනාමිය කළමනාකරණය සදහා නිවැරදි ලෙස හමුදාව යෙදවු බව අමතක කිරීමට ජවිපෙ මැරී ඉපිද ඇත. ශ්‍රී ලංකාවේ රෝග වැළක්වීමේ සේවාවන් ලෝකයේ දියුණු රටවල් සමග සංසන්දනය කලද ඉදිරියෙන්ම පවතින බව සත්‍යයකි. එහෙත් නිරෝධන කටයුතු සදහා පුද්ගලයන් රැගෙන යන බස් රථයේ රියදුරාගේ බෙල්ල මිරිකා පන යාමට උත්සහ දරන දඩබ්බරයන් මෙල්ල කිරීමට සෞක්‍ය අංශයේ මහජන සෞක්‍ය පරීක්ෂකයන්ට හැකිද.
මෙම කොරෝන තර්ජනය හමුවේ අද අපට ඇති ප්‍රධාන අබියෝගය රට වසන්ගත තත්වයකට පත්වීම වැලක්විමයි. ඒ සදහා රෝගය වැලදී ඇති බවට සැක සහිත, පිට රටවලින් පැමිණෙන ජනතාව නිරෝධන කටයුතු වලට යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මෙයින් අදහස් වන්නේ මේ හැමට රෝගය වැළදෙන බව නොවේ. තමන්ගේ අසන්න පවුල් ඒකක මෙන්ම අසන්න ප්‍රජාව රැක ගැනීමටත්, යම් හෙයකින් රෝගය වැලදී ඇත්නම් නොපමාව ප්‍රතිකාර කිරීමටත් මෙය පුර්ව සුදානමක් පමණකි. එය අත්‍යවශය කරුණකි.
සුනාමියෙන් දහස් ගගනක් මිය ගියේ ඒ ගැන කල් තබා සුදානම් වී එය වැලක්වීමට අපට අවස්ථාවක් නොලැබුන නිසාය. පාස්කු ප්‍රහාරය කල් තබා දැනගෙන තිබුනද එය වැලක්වීමට නොහැකි වීම නිසා සිය ගණනක් මිය ගියේය. එහෙත් කොරෝන වෛරසයෙන් කිසිවකු මිය යාමට ඉඩදී බලා සිටීමට රජයට නොහැක්කේ කොරෝන තර්ජනය ගැන අප කල් තබා දැනගෙන ඇති නිසාය. ජනතවගේ ජිවිත රැකගැනීමට සිදුවන්නේ ත්‍රස්තවදයෙන්ද, ලෙඩ රෝග වලින්ද යන්න මෙහිදී අදාල නොවේ. ඒ ආකාරයටම ඒ සදහා යොදාගන්නේ කවුද යන්නද අදාල නැත.
මෙම නිරෝධන කටයුතු නිසා ජනතාවට යම් අපහසුතා ඇතිවෙන සත්‍යයකි. එහෙත් ඒවා අවම කිරීමට හැකි උපරීමය කිරීමට රජය උත්සහ දරන බව මොනවට පැහැදිලිය.
ත්‍රස්තවාදයෙන් මේ රට මුදා ගැනීම සදහා අපේ හමුදා සති මාස ගණන් කරවටේ මඩේ එරෙමින් වැස්සෙන් අව්වුවෙන් පිද විදිමින් ලෙඩ රෝග වලට් අමුහුණ දෙමින් මේ ජාතිය රැක ගත්තේය. එමෙන්ම රටේ බහුතරයක් ජනතවද බොහෝ අපහසු කම් විද ගත්තේය.
නමුත් සුපුරුදු ලෙසම, සුලුතරයක් ගුණමකු මිනිසුන් මනුෂත්වයට නොගැලපෙන ලෙස හැසිරීමින් සිටි. මින් සමහරුන් නොදන්නා කම නිසා එය කරනවා විය හැකි වුවද, සමහර අවස්ථාවාදීන් කටයුතු කරන්නේ නොදැනුවත් කමට නොවේ. ජාතියෙත් ඉදිරි පරම්පරාවේත් සතුරන් වන මේ අතලොස්ස පරාජය කිරීම කොරෝන වෛරසය පරාජය කිරීමේ තරමටම වැදගත්ය.
ඒ නිසා රටේ පුරවැසියන් ලෙස මේ ජාතික අබියෝග හමුවේ රජය ගන්න ක්‍රියාමාර්ග වලට සහය වීමේ සදාචාරාත්මක යුතුකමක් හා වගකීමක් මේ රටේ සැම පුද්ගලයකු ම සතුව ඇති බව ආදරයෙන් මතක් කිරීමට කැමැත්තෙමි.
මේ කටයුත්තේදී මාගේ හුදු පෞද්ගලික මතය ප්‍රකාශ කරනවා වෙනුවට, ලෝක සෞක්‍ය සංවිධානය විසින් කෙටුම්පත් කරන ලද මගේ දායකත්වයද පුද කරනු ලැබූ මෙවන් වසන්ගත් හමුවේ ජෛව ආචාර ධර්ම මුලික කොට ගෙන කටයුතු කල යුතු ආකාරය පිලිබදව පලකරන ලද ‘වසංගත, හදිසි අවස්ථා සහ ආපදා වලදී රෝගීන් රැකබලා ගැනීම, සෝදිසි කිරීම හා පර්යේෂණ සදහා වන ආචාර ධර්ම’, නැමති ප්‍රකාශනය උපුටා දක්වමින් කාරුණි කීපයක් සදහන් කිරීමට කැමැත්තෙමි. මෙවන් හදිසි වසංගත තත්වයන් පිළිබද අත්දැකීම් මෙන්ම, ජෛව ආචාර ධර්ම මුලධර්ම මත පදනම්ව පල කල මෙම ප්‍රකාශනය ඇසුරින් ඇතිවී තිබෙන තත්වය හමුවේ අප කටයුතු කල යුත්තේ කෙසේදැයි සාකච්චා කිරීමට මෙය සුදුසුම කාලය බව විශ්වාස කරමි. මහජනතාව දැනුවත් කර බලගැන්වීමත් මෙම අර්බුධය හමුවේ පමණක් නොව මෙවන් අර්බුද වෙනුවෙන් කල යුතු දිගු කාලින සැලසුම් වලද කොටසකි.
රෝගීන් සදහා කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර වලට පදනම් වන ආචාර ධර්ම වලට අනුව විශේෂයෙන් හදිසි නොවන තත්වයන් යටතේ, පදනම වන්නේ පුද්ගල මුලික වූ, රෝගියාගේ ස්වාධීනත්වය සහ ඔහු කෙරෙහි අවධානය යොමු කරන, රෝගියා ඉලක්ක කරගත් වටිනාකම් මත කරනුලබන, පවත්නා සෞඛ්‍ය තත්වයන් සුව කිරීම සහ ප්‍රතිකාර කිරීම ප්‍රවර්ධනය කිරීමයි. එහෙත් එම පදනම කිසි ලෙසකත් මහජන යහපත ඇතුළු අන්‍යයන්ට යුක්තිය සහ යුතුකම් ඉටුකිරීම සහමුලින් බැහැර නොකරයි.
එහෙත් මහජන සෞඛ්‍ය ආචාර ධර්ම වූ කලි, මහජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම සහ සෞඛ්‍ය සම්පන්නභාවය තිර්ව කිරිම සදහා රෝග වැලැක්වීම මුලික කරගත්, ජනගහනයක හෝ ප්‍රජාවක වැඩි යහපතක් අවධාරණය කිරීම සහ සාමූහික ක්‍රියාකාරිත්වය හබායන ක්‍රියා දාමයකි. පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වලට ඉහලින් සමාජයේ අයිතිවාසිකම්වලට වඩා වැදගත් කමක් දීමත් එය ස්ථානගත කිරීමත් යම් ගැටුමකට පාදක විය හැකි වුවද, වසන්ගත වැනි අවස්ථාවන්හිදී සුවීශේෂයෙන් මෙම ජෛව විද්‍යාත්මක ආචාර ධර්ම ප්‍රමුකත්වය ගත යුතුය. මෙයට ප්‍රධාන හේතුව මහජනතාව පුද්ගලයන්ගෙන් සමන්විත බැවින් මහජන සෞඛ්‍ය මුලපිරීම් මඟින් පුද්ගලයන්ට ද අනිවාර්ය ප්‍රතිලාභ ලැබෙන බැවිනි. මේ නිසා මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා වලදී සිදු කරනු ලබන මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකම් හදිසි සන්දර්භයට අදාළ වන ආචාර ධර්ම ප්‍රමිතීන් හරහා මෙහෙයවිය යුතුය. වසන්ගත් තත්වයන් තුල හෝ ඉන් පරිභාහිරව වුවද, පෞද්ගලිකත්වයට සහ රහස්‍යභාවයට ගරු කිරීම සදාචාරාත්මක යුතුකමකි. තවද ස්වයං තීරණයට ගරු කිරීම විශ්වාසනීයත්වය රැකීමද මෙම ජෛව ආචාර ධර්ම තුල වැදගත් වේ. එහෙත් මෙහිදී අවධාරණය කල යුතු ප්‍රධාන කරුණක් වන්නේ මහජන සෞඛ්‍ය අධික්ශ්නයේදී පොදු යහපත, පුද්ගල ස්වාධීනත්වය අභිබවා යා හැකි බවයි. වසන්ගත තත්වයන් යටතේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අතිශය වැදගත් විය හැකිය. එනම්, රෝග අධීක්ෂණය, තෙවන පාර්ශවයන් දැනුවත් කිරීම සහ / හෝ මහජන සෞඛ්‍ය බලධාරීන්ට වාර්තා කිරීම, අනිවාර්ය පරීක්ෂණ සහ / හෝ ප්‍රතිකාර, හුදකලාව අධීක්ෂණය සහ / හෝ නිරෝධායනය.
එවැනි ක්‍රියාමාර්ග පුද්ගල ස්වාධීනත්වයට සහ ඒ හා සම්බන්ධ මූලික මානව හිමිකම් සහ නිදහසට බලපෑමක් විය හැකි බව සැබෑවකි. සෝදිසි කිරීම, අධික්ෂණය පෞද්ගලිකත්වයට බාධාවක් විය හැකිය. තෙවන පාර්ශවයන් දැනුවත් කිරීම සහ මහජන සෞඛ්‍ය බලධාරීන්ට වාර්තා කිරීම පෞද්ගලිකත්වයට බාධාවක් විය හැකිය. අනිවාර්ය පරීක්ෂණ සහ / හෝ ප්‍රතිකාර වෛද්‍ය මැදිහත්වීම කෙනෙකුගේ දැනුවත් කැමැත්ත මත ප්‍රතිකාර ලබා ගැනීමේ හෝ නොගැනීමේ අයිතිය සමඟ යම් පරස්පරයක් ඇතිවිය හැක. හුදකලා වීම සහ / හෝ නිරෝධායනය නිදහසේ එහා මෙහා යාමට ඇති අයිතිය සමඟ පරස්පරයක් ඇතිවිය හැක. එහෙත් වසංගත තත්වයක් තුල බහුතරයකගේ සෞක්‍යයට හා ජිවිතයට එම පුද්ගල මුලික නිදහසින් තර්ජනයක් වේ නම්, බහුතරයේ යහපත හා සුබ සිද්ධිය මෙන්ම ජීවත්වීමේ අයිතියට එම පුද්ගල මුලික නිදහස දෙවැනි විය යුතුය. සමාජයේ යහපත ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමහර විට සමහර පුද්ගල මූලික මානව හිමිකම් හා නිදහසට විශේෂයෙන් ස්වාධීනත්වයට බාධාවක් වීම නොවැලක්විය හැක. මෙම සංසිද්දිය බොහෝ විට පුද්ගලයා සහ ජනගහනය අතර ආතතියක් ලෙස ඉස්මතු විය හැකිය. එම නිසා පෞද්ගලිකත්වය උල්ලංගනය කිරීමේ හානිය පොදු මහජනගේ සෞඛ්‍යයේ යහපතට සාපේක්ෂව කිරා මැන බැලිය යුතුය. එම නිසා ගනු ලබන ක්‍රියාමාර්ග සදාචාරාත්මක යුක්ති සහගත කිරීම සඳහා අවශ්‍ය වන්නේ හානියේ සම්භාවිතාව සහ විශාලත්වය තක්සේරු කිරීමයි.
කොරෝන වෛරසයෙන් ලොව පුර අහිමි වූ ජිවිත මෙන්ම රෝගී වන්නනට මෙන්ම ඔවුනගේ සමිපතමයනට මුහුණ දීමට සිදුවන අවිනිශ්චිත තාවය, එය ලෝකයේ සහ රටේ ආර්ථිකයට මේ වන විටත් කර ඈති බලපෑම මෙන්ම, ජන ජිවිතයට කර ඇති නිශේධනීය බලපෑමද හමුවේ පුද්ගලික නිදහස හා පුද්ගල මුලික අයිතින් වලට ඉහලින් සමස්ත ජනතාවගේ අයිතීන් තැබීම රජයක අනිවාර්ය යුතුකමකි. එවන් පැහැදිලි ආචාර ධර්ම රාමුවක තුල පිහිටා ගනු ලබන ක්‍රියාමාර්ග අබියෝගයට හා හෑල්ලුවට ලක්කිරීම දැඩි පිළිකුලෙන් යුතුව බැහැර කල යුතු ව පමණක් නොව ජනතා විරෝධි කඩාකප්පල් කාරී ක්‍රියා ලෙස සලකා දැඩි දඩුවන් පැමිණවිය යුතු බවද අවධා රණය කරමි. සෞඛ්‍යය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම අනුව යම් ක්‍රියාමාර්ගයක්, කටයුත්තක් පොදු ජනතාවට ශාරීරික, මානසික හෝ සමාජීය වශයෙන් හානියක් කරන්නේ නම්, එම තත්වයන් මැඩ පැවැත්වීම ඕනෑම රජයකට සදාචාරාත්මක වගකීමක් ඇත.
මෙම තත්වය යටතේ මෙම සදාචාරාත්මක මූලධර්ම, සදාචාරාත්මක ගුණාංග, යම් පුද්ගලයකු උල්ලංගනය කිරන්නේනම් ඔව්හු පොදු ජනතාවට එරෙහි සදාචාර විරෝධි පීඩාවන් ඇතිකරන්නන් ලෙස සමාජය හදුනා ගත යුතුය. මෙවන් තත්වයන් හමුවේ ක්‍රියා නොකිරීමට හෝ හානියට ඉඩ දීමේ අවදානමට දායක වීමද සදාචාර විරෝධිය.
මෙම අර්බුධය හමුවේ ප්‍රමාධ නොවී කටයුතු කල යුතු තවත් සුවිශේෂ හේතුවක් ඇත. එයට හේතුව මෙවන් රෝගයක් හමුවේ සෑම කෙනෙකුටම ක්ෂණික ප්‍රතිකාර හෝ රෝග විනිශ්චය මැදිහත්වීම් ලබා දීමට ප්‍රමාණවත් පහසුකම නොමැති වීමට ඇති ඉඩ කඩයි. එසේ වුවහොත් සීමිත වෛද්‍ය සම්පත් භාවිතා කිරීමට ප්‍රමුඛතාවයන් තීරණය කිරීමේ අසීරු කටයුත්තට මැදිහත් වීමට රජයට හා වෛද්‍යවරුන්ට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස වයෝවුර්ධ අය දෙවැනි තැනට දමා සපෙක්ෂන් තරුණයන්ට සීමිත පහසුකම් ලබා දීමයි. මදකට හිතන්න. එම වයෝවුර්දය ඔබේ මව හෝ පිය හෝ ඥාතියා විය හැක.
එම නිසා හැකි සෑම ක්‍රයමර්ගයක්ම ගෙන රෝගය වැලක්මිව අත්‍යවශ්‍යය.
අවසාන වශයෙන් අවධාරණ කිරීම ඇත්තේ සාධාරණත්වය, විනිවිදභාවය, සාමුහිකත්වය, වගවීම රජයේ කාර්ය භාරයක් පමණක් නොවන බවයි. මෙම ජාතික අර්බුදය හමුවේ තමන්ගෙන් ඔබ්බට හිතමු.
මහාචාර්ය අතුල සුමතිපාල
මහාචාර්ය අතුල සුමතිපාල යනු ජෛව ආචාරධර්ම පිළිබඳ විශේෂ දැනුමක් ඇති ප්‍රවීණයෙකි. මෙම ලිපියට පාදක වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුහුණු අත්පොත සඳහා දායක වූ අයෙකි. එය ‘වසංගත, හදිසි අවස්ථා සහ ආපදා පිළිබඳ ආචාර ධර්ම: රෝගීන් රැකබලා ගැනීම, අධික්ෂයන සහ පර්යේෂණ, නැමති අත්පොතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...