විදේශ පුවත්

ප්‍රංශය සතු එකම ගුවන් යානා රැගෙන යා හැකි නෞකාව ලෙස සැලකෙන චාල්ස් ඩි ගෝල් යුද නෞකාවේ සේවයේ නියතු නැවියන්ගෙන් සෑම තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට හෙවත් නැවියන් 668 දෙනෙකුට  COVID-19 වෛරසය ආසාදනයට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් නෞකාව නැවත ප්‍රංශයේ ටව්ලෝන් නාවික හමුදා වාරය වෙතට යාත්‍රා කිරීමට අණ දුන් බව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පසුගිය බදාදා(15 ) ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකින් පවසා සිටියේ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටින නාවික සෙබළුන් 1767 දෙනෙකු අප්‍රේල් 14 වෙනිදා COVID-19 වෛරසය ආසාදනයට ලක්වී ඇත්දැයි දැන ගැනීම පිණිස පරීක්ෂාවට ලක් කළ බවයි. ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටින්නේ වෛරසය ආසාදනය හේතුවෙන් නාවික සෙබළු 30 දෙනෙකු රෝහල් ගත කළ බවත් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බවත්ය.

පසුගිය සතියේ නෞකාව මධ්‍යයධරනී මුහුදේ මෙහෙයුම් පිණිස යාත්‍රාකරමින් සිටියදී නාවික සෙබළුන් අතරින් COVID-19 ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ පෙන්වන අයවළුන් බොහෝ ගණනක් හමුවීම හේතුවෙන් නැව ආපසු ප්‍රංශය වෙත යාත්‍රා කර වීමට ප්‍රංශ නාවික හමුදාවේ ඉහළ නිළධාරීන් අණ කළේය. නෞකාවේ වෛරසය ආසාදනයට ලක් වූ බොහෝ දෙනා කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කරන්නන් වන අතර මේ හේතුවෙන් ප්‍රංශ නාවික හමුදාවේ වෙනත් යාත්‍රා වල කාර්ය මණ්ඩලද වෛරසය ආසාදනයට ලක් වී තිබීමට ඉඩ කඩ ඇති බව පැවසේ.

ප්‍රංශය ලෝකයේ COVID-19 වෛරසය ආසාදනය හෙතුවෙන් නාවික සෙබළුන් රෝහල් ගත කළ එකම රට නොවන අතර මීට පෙර අමෙරිකාවේ තියොඩර් රූස්වෙල්ට් නෞකාවේ නාවික සෙබළුන් 600කට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී තිබුණු බව හඳුනාගත් අතර හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කළ එක් සෙබලෙකු මිය ගියේය. මේ නිසාම තියොඩර් රූස්වෙල්ට් යුද නෞකාවේ සේවයේ නියතුව සිටි සෙබළු 4000ක් දෙනා නිරෝධායනයට ලක් කිරීමටද අමෙරිකානු නාවික හමුදාවට සිදු විය.

මේ අතර ප්‍රංශ නාවික හමුදාව ප්‍රකාශ කරන්නේ චාල්ස් ඩි ගෝල් යුද නෞකාවේ සේවය කරමින් සිටි නාවික සෙබළුන් හුවමාරු කර ගැනීමේ ව්‍යාපෘතියකට අයත් අමෙරිකානු නාවික සෙබළුන් හතර දෙනෙකුගෙන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

COVID-19 වෛරසය වසංගතයෙන් දරුණුවටම බැට කෑ රටක් ලෙස ප්‍රංශය හඳුනා ගන්නා අතර මේ වන විට ප්‍රංශයේ සමස්ත වෛරසය ආසාදිතයන් 147,863ක් වාර්තා වූ අතර මරණ 17,167ක් වාර්තා  වී ඇත. එම අගය ප්‍රංශ ජනගහනයෙන් මිලියනයකට 263ක් ලෙස සනිටුහන් වේ.සමස්ත වෛරස ආසාදිතයෝ 30,955 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More