නායකත්වය ගැන ඇතැමුන් කුමන ප්‍රකාශ සිදුකළද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් සිදුකරනු ලබන ප්‍රකාශ ගැන අප කරන ලද විමිසීමකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් එම කමිටු වාර්තාව ළඟදීම පක්ෂය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවී නව වැඩපිළිවෙලක් යටතේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යා යුතු බවත් එවැනි ගමනක් යාමේදී පක්ෂයේ ක්‍රියාකාරකම් සඳහා තරුණ පිරිසකගේද ජවය උපයෝගී කරගනිමින් නව ගමනක් යෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාකළ හැකි බවත් කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.
2020 ජනාධීපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා තවම නම්කර නොමැති බවත් අපේක්ෂකයා කවුරුන්ද කියා සුදුසු අවස්ථාවේදී පක්ෂය විසින් ප්‍රකාශ කරනු ඇතැයි ද කියා වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...