කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් විශේෂ නියෝජිතවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ප්‍රජාවන් අතර ආතතිය ඇති කරවන ක්‍රියාවලින් වැළකී සිටීමට මෙන්ම විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම උත්සාහ කරන ලෙසය.
එසේම තම ආදරණීයයන් සඳහා නිසි අවමංගල්‍යයක් හෝ සුසාන භූමි චාරිත්‍රයක් ඉටු කිරීමට නොහැකිවනු ඇතැයි බියෙන් කොවිඩ් – 19 සිදුවීම් වාර්තා නොකිරීමට පවුල් සහ ප්‍රජාවන් කටයුතු කරනු ඇතැයිද හෙතෙම අනතුරු හඟවා ඇත.
එම නිසා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සහ සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කර මීට අදාළ පියවර සංශෝධනය කළ යුතු බවද හෙතෙම සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
– aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
I do not agree with this. One nation, one country and one rule. Thats very firm and reasonable policy as a multinational country. I think muslims would have gone to WHO because there you get muslim officials who will give a soft corner for their request . Please will continue the same practice …. king of Saudi arabia also said that their going to do cremation.