අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්යය සාධයක බලකාය හා විදෙස් රටවල තානාපතිවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
අද(16) පෙරවරුවේ අරලියගහ මන්දීරයේදී මෙම සාකච්ඡාව පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා අමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාන, කැනඩාව සහ යුරෝපා සංගමය නියෝජනය කරමින් තානාපතිවරුන් එක්ව තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මෙරට රජය සහ ජනතාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එම රටවල ප්‍රසාදය මෙහිදී හිමි වූ අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයට සහය ලබා දෙන බව ද එම රටවල තානාපතිවරුන් ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...