හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍යය සංවිධානයට අමෙරිකාව සපයන ඩොලර් මිලියන 400ත් 500ත් අතර වූ අරමුදල් ප්‍රමාණය කපා හැරීමට ගත් තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එතුමා විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පහත පළවේ.
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති,
අතිගරු ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමණි,
ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳව මම දැඩි අවධානය යොමු කළෙමි. ඒවා බරපතල වන අතර නිසැකවම විමර්ශනයට ලක්කළ යුතුය.
කෙසේ වෙතත්, මෙම කොවිඩ් 19 ගෝලීය වසංගතය පෙර නොවූ විරූ අයුරින් සෑම රටකම දේශීය ආර්ථිකයට හා සිවිල් ජීවිතයට බලපා ඇත. එම නිසා ඉදිරි මාසවලදී ජාත්‍යන්තර සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ගැටළු සඳහා ගෝලීය නායකත්වය සැපයීමට වෙනත් බහුපාර්ශවීය ආයතනයක් නොමැති වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අවස්ථාවේදී සිය ක්‍රියාකාරී වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ඇමරිකානු බදු ගෙවන්නන් සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 400 ත් 500 ත් අතර අරමුදල් සපයන බව මට වැටහේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට සියළුම අරමුදල් අත්හිටුවීමට අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරමුදල් සපයනු ලබන ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් කෙරෙහි එය දැවැන්ත හා අහිතකර ලෙස බලපෑමක් ඇති කරනු ඇත.
කෝවිඩ් 19 වසංගතය විසින් ඇතිකර ඇති දරුණු බලපෑම සැලකිල්ලට ගනිමින්, ඔබ ගත් තීරණය නැවත සලකා බලා එක්සත් ජනපද අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙර පරිදි ලබාදෙන ලෙසත්, යම් වරදක් සිදුවී ඇත්නම් ඒවා විමර්ශනය කොට, පසුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මම ඉල්ලා සිටිමි.
මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ සහතිකය, අලුත් කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට මම කැමැත්තෙමි.
රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...