ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටිය මෙවරද ඉල්ලා සිටියද එහි තණකොළ විනාශවන බව පවසමින් ගාලු මුවදොර ක්‍රිඩාංගනය ලබාදීමට ආණ්ඩුව අකමැති වී තිබෙන නිසා ාමම මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටියට අමතරව තිබෙන ශ්‍රී ලංකාවේ ලොකුම ක්‍රිඩාංගනය ගැන සොයාබැලීමක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ කොළඹ මහනගර සභා ක්‍රිඩාංගනය සහ ගාල්ල සමනළ ක්‍රිඩාංගනය පිළිබව මේ වන විට අවධානය යොමුකර තිබෙන බවයි.
ඒ අනුව කොළඹ මහනගර සබෘ ක්‍රිඩාංගනය හෝ ගාල්ල සමනළ ක්‍රිඩාංගනය හ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය පැවැත්වීමට තීරණය කර ඇති බව රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මෙම ක්‍රිඩාංගන දෙක ලබාදීමට ආණ්ඩුව අකමැති වුවහොත් තවත් විකල්ප ක්‍රිඩාංගන කිහිපයක් පිළිබඳ අවධානය යොමුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.
පලාත් පාලන මැතිවරණයෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබූ නුගේගොඩ ජන රැලිය අවලංගුවීම ඉදිරි පලාත් සභා මැතිවරණය ඇතුළු තවත් කරුණු රැසක් හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියට පසුගිය මැයි රැළියටත් වඩා අති විශාල ජනකායක් අනිවාර්යයෙන්ම පැමිණෙන නිසා ශ්‍රී ලංකාවේ ඕනැම ක්‍රිඩාංගනයක මෙම ඓතිහාසික මැයි දින රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...