පුරවැසි කොලම

චීනය පසුගියදා කොරෝනා රෝග ලක්ෂණ නොමැති, නමුත් වෛරසය ආසාදිත පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් එළිදක්වන ලදී. මෙහිදී එම පුද්ගලයන්හට වෛරසය ශරීරයේ පැවැති මුළු කාලය පුරාම කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ලදී.

චීන ජාතික සෞඛ්‍ය පිළිබඳ කොමිෂන් සභාවේ ප්‍රධානියා Mi Feng අප්‍රේල් 15 දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේ 6764 ක COVID19 ආසාදිත නියැදියකින්, දින කීපයක් තුල රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ පුද්ගලයින් 1297 ක පමණක් බවයි. ඒ අනුව 4/5 තුළම රෝග ලක්ෂණ නොපෙන්වා ඇත.

මෙවන් ආසාධිතයින් රෝග ලක්ෂණ නොපෙන්වීම, වෛරසය පැතිරීම පාලනයට විශාල තර්ජනයක් වී ඇත. එය රෝගය පැතිරීම වේගවත් හා පුළුල් කිරීමට හේතු වී තිබේ. එම නිසා මහජන පරීක්ෂාවක වැදගත්කම Mi Feng අවධාරණය කර ඇත.

මෑතක් වන තුරුම ආසාදිතයන් ගෙන් වැඩි පිරිසකට රෝග ලක්ෂණ පෙන්වන බව පර්යේෂකයන් විශ්වාස කළ ද නවතම සමීක්ෂණවලින් පෙන්නුම් වන්නේ ආසාදිත පුද්ගලයන්ගෙන් 65%-80% ප්‍රමාණයකට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවයි. මෙය වසංගත පාලනය හා එය අධීක්ෂණය වඩාත් අපහසු කරන බව ATEM Capital හි සම නිර්මාතෘ Anton Gopka පවසා තිබේ.

අප්‍රේල් මස මුලදී චීනය විසින් කුඩා සාම්පලයක් එනම් රෝගීන් 166 දෙනෙකු යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී 130 දෙනෙකුට, එනම් 78% කට රෝග ලක්ෂණ නොමැති බව තහවුරු විය. චීනයේ නව රෝගීන් වාර්තා වීම 0 දක්වා පහල වැටීමෙන් පසුව ද ඔවුන් වුහාන් ඇතුළු තවත් ප්‍රදේශ 10 ක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 11,000 පරීක්ෂණයට ලක්කර ඇත. එයින් 6,764ක් ආසාදිතයින් බව හඳුනාගෙන ඇත.

මෙලෙස රෝග ලක්ෂණ නොමැති නමුත් COVID19 ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාලේඛන වලට ඇතුළත් නොවන බව Gopka පෙන්වා දෙයි. එම නිසා ලොව පුරා දැනට සත්‍ය වශයෙන්ම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අප දැනට හඳුනාගත් සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව ඔහු තවදුරටත් අවධාරණය කර ඇත.

චීනය මේ වන විට අහඹු ලෙස ගත් නියැදියන් සඳහා පරීක්ෂණ පවත්වන අතර වසංගත පාලනයකදී, මෙලෙස පරීක්ෂණ පුළුල් කිරීම වඩා වැදගත් ඊළඟ පියවර ලෙස හඳුන්වා දිය හැකි බව Gopka පවසා සිටී.

මූලාශ්‍රය – news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More