කප්රුක නමින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ආයතනය පසුගිය දා සිදුකළ තක්කඩි ක්‍රියාවට සුදු හුණු ගාන පිරිසක් දැන් දැන් ඉස්මතු වෙමින් තිබීම මේ ලිපිය ලිවීමට හේතුවයි. ඒ සමහරු මගේ මිතුරන්. සමහරු මුහුණු පොතේ මිතුරන්. සමහරු කප්රුක සේවකයන්. සමහරු කප්රුක හිමිකරුගෙ පඩුරු පාක්කුඩම්වලට ලියන කුලී හේවායන්. ඔවුන් ඡන්ද කාලෙටත් ෆේස්බුක් කැම්පේන් බාරගෙන ගනුදෙනුවක් කපා ගන්න බලා ඉන්න බඩජාරින්. කප්රුක සේවකයන් තම ආයතනය වෙනුවෙන් පෙනී සිටින හේතුව අපට තේරුම් ගත හැකි වෙතත් ඕනෑම ජරා ගොඩක් මුදලට අයිසින් කිරීම බඩ රස්සාව කරගත් කුලී හේවායන් මේ වසුරු වෙළඳකුල ආධිපත්‍යට ඔක්සිජන් සපයමින් කරන්නේ කප්රුක කළදේට නොදෙවෙනි සමාජ අපරාධයක්.
මුලින්ම කප්රුකේ ඉලක්ක පාරිභෝගිකයන් වුයේ විවිධ රැකියා සඳහා මව්බිමෙන් බැහැරව වෙසෙන ශ්‍රී ලාංකිකයන්. ඒ ඔවුන්ගේ පවුලේ හෝ වෙනත් ආදරණිය කෙනෙකුගේ විශේෂිත දවසකට මල් කළඹක්, කේක් ගෙඩියක්, හෝ වෙනත් ත්‍යාගයක් පූර්ව දැනුම් දීමකින් තොරව නිවසට යවා විස්මයට පත්කරවන මානසික ෆැන්ටසියක් සංතෘප්ත කරදීම වෙනුවෙන්. පිටකොටුවෙන් හාර පන්සියකට ගතහැකි මල් කළඹක් කේක්ගෙඩියක් හෝ ත්‍යාගයක් වෙනුවෙන් හාර පන්දාහක් වැනි එහි වටිනාකමට වඩා අධික මුදලක් කපා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මේ Online Business එක සරුවට ගෙන ගියේය. එහෙත් එය කිසිවෙකු ප්‍රශ්නයක් කර නොගත්තේ මේ සේවාව ලබා ගත්තේ ලෝකය පුරා විසිරුණු තනි තනි පුද්ගලයන් වීමත්, ස්ව කැමැත්තෙන් තමුන්ට අවශ්‍ය නම් පමණක් සේවය ලබාගැනීමත්, ලංකාවේ රුපියල්වලින් ඉහළ මිලක් වුවත් විදෙස්ගත අයට එය ඩොලර් 30ක් 40ක් වීමත්, අනික තමන්ට විශේෂිත අවස්තාවක හැර දෛනිකව මේ සේවාව ලබා නොගැනීමත් වැනි හේතු කරනකොට ගෙනය. එනිසා කප්රුක යනු තමන්නට කැමති වෙලාවට උදව්වක් ගත හැකි සේවාවක් මෙන්ම එය මුදලට සිමාකළ නොහැකි උදව්වක් ලෙසද ඔවුන් දුටුවහ. දෛනිකව ගනුදෙනු නොකරන ඔවුන් විශේෂ අවස්ථාවක තම ආදරණියන් වෙනුවෙන් තම උවමනාව ඉටුකරදීම ගැන කප්රුක කෙරෙහි විශාල ප්‍රසාදයකින් ද පසුවු හ.
එවැනි සේවාවක් සපයපු කප්රුක එළවලු, පලතුරු, කුළුබඩු, වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහරින්නට පටන් ගත්තේ කවදා ඉදන්දැයි අපි නොදනිමු. ඒ කල දුටු කල වල ඉහගැනීමේ අර්ථයෙන් මේ වසංගත තත්වයත් එක්ක ද නැත්නම් ඊට පෙර සිටම ද යන්න නොදනිමු. ඒ කොහොම වුණත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධික මිලකට විකිණූ කප්රුකේ නරුම ක්‍රියාව සාධාරණය කිරීමට ඉදිරිපත් වන අයගේ එක් තර්කයක් වන්නේ ශැංග්‍රිල්ලා එකේ මාළුපාන් එකක් රු 600 බවත් කැමති අය පමණක් ඒ මිලට ගන්නවා මිස ඊට විරුද්ධ වෙන පිරිස් නැති බවයි.ශැංග්‍රිල්ලා, Kinsbery, වැනි වැනි ඉහළ ගණයේ හෝටල්වල ඇති අහාර පානවල මිල ගණන් අපට පෙන්වමින් පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා යැයි කවුරුවත් මැරෙන්න හැදුවේ නැතිබව පවසමින් කප්රුකේ කලුකඩ වෙළඳාම සාධාරණය කරන බව පෙනේ. ශැංග්‍රිල්ලා මිල ගණන්වලට මිනිස්සු විරුද්ධ නොවූබව කියන තර්කය ඉතාම නොමේරූ බොළඳ තර්කයක් වන්නේ එහි මාළුපාන් කෑමට සාමාන්‍ය මිනිසුන්ට උවමනාවක් නැති අතර ඔවුන්ට රු. 50 ටත් මාලුපාන් ගැනීමට කඩවල තිබීමයි. අනික ඉහත කි හෝටල්වල ආහාර පාන ඔවුන්ට ආවේනික ඔවුන්ගේම ප්‍රමතියකින් සකස් කරන ඒවා වන අතර ඔවුන් කරන්නේ සාමාන්‍ය කඩවල රු.50ට ඇති මාළුපාන් රු.600ට අලෙවි කිරීම නොවේ. කප්රුක කලේ එවැන්නක් නොව සාමාන්‍ය වෙළඳපොලේ 100 ට සහ 220 තිබු සැමන් ටින් එකක් රු.500 ට අලෙවි කිරීමයි.
covID-19 වැනි ගෝලීය වසංගතයකින් ලොවපුරා මිනිස්සු බිලිගනිද්දී , ලංකාවද එහි බලපෑම අවම කරගන්න හිටිගමන් ඇදිරිනිතිය දැමුවිට, අත්‍යවශ්‍ය අහාර බෙදන යාන්ත්‍රණයක් රජය ද සකස්කොට නොතිබූ පසුබිමක ඉහළ මිලකට බඩු අලෙවි කළ හැක්කේ නරුම පාදඩයකුට පමණයි. එය සමාන වන්නේ සුනාමියට ගහගෙන ගිය කාන්තාවගේ බෙල්ලේ තිබුණු මාලය කඩාගත් නරුමයාගේ ක්‍රියාවටයි. මිනිස්සු අසරණ වෙච්ච වෙලාවක සාමාන්‍ය මිලට ගත් බඩු කප්රුක කොතරම් අසාධාරණ ලෙස අලෙවි කලේද යන්නට උදාහරණ කිහිපයක් මෙසේය. අල කිලෝ එකක් 530කි. ලූණු කිලෝ එකක් 500 කි. පාන්පිටි කිලෝව 350 කි. සැමන් එකක් 500 කි. සාලයෝ මාළු කිලෝවක් 1800කි. ඉස්සෝ කිලෝ එකක් 5220 කි. ඊළගට දෙහි 400g , අමුමිරිස් 400g, මාළු මිරිස් 500g ක් සහ ගෝවා, කැරට්, බීට්, බෝංචි, වට්ටක්කා ,කරවිල,වැටකොළු, කොහිල යන සියල්ලෙන් කිලෝ එකක් වනලෙස ඇති එළවලු මල්ලක් රු.6440 කි. මිනිසුන්ගේ අතට සල්ලි ලැබෙන සියලු මාර්ග ඇණහිට තිබෙන වෙලාවක වෙළඳාම හා බැඳුණු කිසිම මානුෂීය කාරණාවක්, ආචාර ධර්මයක් නොසලකා මේ තමයි කප්රුක අපේ රටේ මිනිස්සුන්ගේ අසරණකමත් වවාගෙන කන්න හදපු විදිහ. කප්රුක කරපු මේ නරුම වැඩේට සුදුහුණු ගාන්නන් කියන කතාව වන්නේ පාරිභෝගිකයන් කැමතිනම් පමණක් ඒ මුදලට ගෙන්වාගත හැකිව තිබූ බවයි. මිනිසුන්ට ඕනෑම කඩයක් විවෘත්තව රට සුපුරුදු ලෙස තිබුනේ නම් ඒ මුදලට කැමති කෙනෙක්ට බඩු ගෙන්වා ගත්තාට අපටද රුදාවක් නැත. නමුත් මිනිස්සුන් ගෙවල්වලට හිරවෙලා, මේවගේ ඔන්ලයින් සේවා සපයන ආයතනවල පිහිට හැර අන් විකල්ප නැති තැන, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වැඩි මිලට විකිණීම අමනුස්ස වැඩක්. ඒ මොහොත කීයක් කිව්වත් මිනිස්සු ජිවත් වෙන්න බඩු ටිකක් එකතු කරගන්න හදපු මොහොතක්. ඒ බව දැන දැනම මිනිසුන්ගේ අසරණකමෙන් ගසාකන්න හදපු එක පහත් ක්‍රියාවක්. සිංහල ව්‍යාපාරයක් යැයි පම්පෝරි ගසමින් සිංහලයින්ම කබලෙන් ලිපට වැටුණු මොහොතකත් “පට් පට් ගා සම්තිං එකක් හොයාගන්න හදන මේ සූරසේනලා ගැන සෝමවීර සේනානායක වැනි විශිෂ්ට නිර්මාණකරුවන් ඉසිවර දැක්මෙන් දුටුවේ 80 දශකයේ මුලදී. එතුමන් මිට අවුරුදු 35කට පමණ ඉහත “පළිගු මැණිකේ” නම් ටෙලිනාට්‍යයේ සූරසේන නමින් චරිතයක් නිර්මාණය කරමින් පෙනුවේ මේ වසල වෙළඳ කුලයේ නැගීමයි. වෙනසකට ඇත්තේ අද ඒ සුරසේනලා ටයිකෝට් ඇදීම පමණයි.
කප්රුක කරපු මේ තක්කඩි වැඩේට මතුවූ සමාජ විරෝධය සුක්ෂමව වෙන අතකට හරවන්න හදන්නේ “තක්කඩියාගේ අවසාන නවාතැන ජාතිය හා ආගම” යන කියමන මනාවට සනාත කරමින් ” ඌ අපේ එකෙක් ” කප්රුක සිංහල ව්‍යාපාරයක්” ” බව කියමින්. එපමණක් නොව මේ ව්‍යාපාරය බිඳ වැට්ටවීමට උවමනාව ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයින්ට බවත්, මෙය ඔවුන්ගේ දිගුකාලින කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත්, කප්රුක වටලනු ලැබුවේ පාරිභෝගික අධිකාරියේ මොහොමඩ් බවත් සමාජ කැන්වසය මත ඇදි චිත්‍රයයි. මාගේ සම්භාව්‍ය මිතුරෙකු ද මේ කතාව පුනරුච්ඡාරණය කොට කප්රුකට හුණුගෑමේ උත්සහයක් ගෙන තිබෙනු දුටුවෙමු. ඔවුන් කියන්නේ ජාතියේ නාමයෙන් කප්රුක හිමිකරු කරන ඕනෑම කලුකඩ වෙළදාමක් අප ඉවසා සිටිය යුතු බවද ? ඔහුට ජාතිය පිළිබඳ හැගීමක් ඇත්නම් මෙවැනි ව්‍යවසනයකට ගොදුරු වූ විට ඒ මිනිසුන්ගේ රීරිමාංශය උරාබොන වැඩ කරයිද ?
පාරිභෝගික සේවා අධිකාරියේ බලධාරියා කවර ජනවර්ගයක කෙනෙක් වුවද කප්රුක ඩිලිවරි කරන භාණ්ඩවල අසාධාරණ මිලට එරෙහිව මහජන පැමිණිලි ලැබෙන්නේ නම් නීතිය ක්‍රියාත්මක කළ යුතු නැද්ද? ඇත්ත වශයෙන්ම දුලිත් හේරත්ලා කළේ රටේ ඇති මුස්ලිම් විරෝධයට මුවා වී තම තක්කඩි ක්‍රියාව වසන්කර ගැනීමට උත්සාහ දැරීමයි. මුස්ලිම් නමක් ගෑවුණ තැන ඉන් එහාට දෙයක් නොසොයා ඔහුව සෝදන්න හදන අපේ අයගේ දැනගැනීම පිණිස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩි.එම්.එස්. දිසානායක මහතා බවත්, එහි ඉහළ තනතුරු දරන බොහෝ අය සිංහලයන් බවත් කිව යුතුයි. ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂවරු හයදෙනාගෙන් එක් අයකු පමණක් මුස්ලිම් ජාතිකයකු බවත් මේ වැටලීම් කිසිවක් ඔහුගේ තනි අභිමතයට සිදු නොවෙන බවත් කිව යුතුයි. කප්රුක වැටලීම සිදුකලේ සමාජ ජාල ඔස්සේ ඔවුන්ගේ මිල ගණන්වලට එල්ල වූ විරෝධය හා මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමිනුයි. ඔවුන්ට තිබුනේ මහජනතාවට සාධාරණය ඉටුකිරීම මිස මිස සිංහල ව්‍යාපාරයක් බිඳ දමන ජාතිවාදී අභිලාශයක් නොවේ. ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂවරු පස් දෙනෙක් අත්හැර එක් මුස්ලිම් ජාතිකයකු සිටීම පවා දුලිත් හේරත්ලා ජාතිවාදී ආවරණයක් කරගැනීම ඔවුන්ගේ තරම කියාපාන තවත් නිදසුනක් වෙයි. රටේ ඇතිවූ හසිසි අපදා තත්ත්වය උපයෝගී කරගෙන මෙවැනි මජර වැඩක් සිදු නොකළේ නම් මේ කිසිවක් සිදු නොවෙන බව දුලිත් හේරත් හා ඔහුට කවි ගී ගයන්නන් දත යුතුය. මේ ලිපිය ලියන අතරතුර පාරිභෝගික අධිකාරියේ එම නිලධාරීන්ම ඊයේ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ වෙළඳ සැලක්ද වැඩි මිලට සහ භාවිතයට නුසුදුසු කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන් වටලනු ලැබීය.(බලන්න 2020-04-15 Hiru News 6.55 PM ) කප්රුකට පමණක් නොව පාරිභෝගික නිතිය රටේ වැරදි කරන සියලු කලුකඩ මුදලාලිලාට පොදු බව මින් පෙනේ. ඒ අතින් මේ මොහොතේ මහජනතාව වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සිදු කරන්නේ ඉතා විශිෂ්ට මෙහෙවරකි.
“ලංකාවේ ජැක් මා” ලෙස Dulith Herath ව උත්කර්ෂයට නංවමින් ඔහුට ප්‍රශස්ති ගී ගැයූ කොටසක් ද සිටිති. ඔහුගේ මාකටින් කැම්පේන් වෙනුවෙන් යොදවන ධනයෙන් ප්‍රතිලාභ ලබන ෆේස්බුක් පේජ් ක්‍රියාකරුවන්, යු ටියුබ් චැනල් අටවාගත් හුජ්ජ කොල්ලන් සහ ඔහුගේ ෆේස්බුක් මිතුරන් ඒ අතර වෙයි. සෘජු හා වක්‍ර ප්‍රතිලාභ නොලබන රැල්ලට ආවඩන්නෝ ද කප්රුක වෙනුවෙන් ප්‍රශස්ති ගී ගයනු දක්නට ලැබෙයි. Jack Ma යනු චීනයට අලිබබා ව්‍යාපාරය හදුන්වා දුන් පුද්ගලයාය. ඔහු මේ වසංගත තත්ත්වය හමුවේ මිනිසුන්ගේ අසරණකමින් ගසා කන්නට උත්සාහ නොකර covID-19 උවදුර දුරලීමට චීන රජයට මිලියන ගණනින් මුල්‍ය ආධාර දුන්නේය. තම රටට පමණක් නොව ලංකාව ඇතුළු රටවල් පනස් ගණනකට මුඛ ආවරණ ඇතුළු භාණ්ඩ පරිත්‍යාග කළේය. අප්‍රේල් 16 දා ජැක්මා නැවතත් ලංකාවට covID-19 වෛරසය හදුනාගත හැකි උපකරණ 20,000 ක් පරිත්‍යාග කළේය. එහෙත් ලංකාවේ Jack Ma යයි පම්පෝරි ගසාගත් දුලිත්ලා කලේ රුපියල් 150 වන බී ලූණු කිලෝව රුපියල් 500 කටත් , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත්, රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටත් රු 100 ට මිල නියම කර තිබු සැමන් ටින් එක 500 ටත් විකුණා මඩිය තරකර ගැනීමයි.
එම ක්‍රියාවෙන් පසු කප්රුකට අත්වූ සමාජ අපකිර්තිය අකා මකා ගැනීමට ඔවුන් අංගොඩ IDH රෝහලේ සුළු සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩයලයට අවුරුද්ද වෙනුවෙන් කියා අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබා දුන්නේය. ඉන්පසු කුලී ලියන්නන් ලවා දැන් අපට බලකර සිටින්නේ “පසුගිය දවස් වල පතුරු ගහලා විවේචනය කරපු කප්රුක ගැන ලිවා වගේ මේ හොද වැඩේත් මතක් කරලා ලියන්න.” යනුවෙනි. එය හරියට හොරට කසිප්පු පෙරළා අහු වුණාම අපකීර්තිය නැතිකර ගන්න දන්සලක් දුන්නා හා සමානය. මිනිසුන් හදුනා ගත හැක්කේ වැරදුණු පසු හොඳ හිත පෙන්වීමට අල්ලන මෙවැනි කුරුමානම්වලින් නොව මිනිස්සු මරණ බියෙන් ඇලලී කන්නට බොන්නට යමක් සොයනා විට ඔවුන්ට කොතරම් මානුෂික වූයේ ද යන කාරණය මතයි. එනිසා දුලිත්ලා සමාන වන්නේ චීනයේ Jack Ma ට නොව පට් පට් ගා සම්තිං හොයන වසල වෙළඳ කුලයක නැගීම දැක්වෙන පළිගු මැණිකේ ටෙලිනාට්‍යයේ සුරසේනටයි.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2020. 04.17.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...