පුරවැසි කොලම

අප ලංකා ලීඩ් පුවත් සේවය මගින් මින් පෙර වාර්තා කර සිටියේ ඉන්දියාවේ COVID-19 වෛරසය පතුරුවා හැරීමේ අපි කේන්ද්‍රය බවට වසර 100ක් පමණ පැරැණි තබ්ලික් ජමාද් නම් ඉස්ලාම් නිකායට අයත් දකුණු දිල්ලියේ පිහිටි නිසමුදින් නැමැති ඉස්ලාම් දේවස්ථානය පත්ව ඇති බවත් එම පල්ලියට සහභාගි වූ බැති මතුන් විසින් නව දිල්ලි නගරය හැරුනු කොට ජම්මු කාශ්මීර් ප්‍රාන්තය, තෙලන්ඟානා ප්‍රාන්තය,ඇසෑම් ප්‍රාන්තය,අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය,තමිල්නාඩු ප්‍රාන්තය, අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිතවද වෛරසය පතුරුවා හැර ඇති බවයි. මීට අමතරව එම පල්ලියට සහභාගිවූ බැතිමතුන් අතර විදෙස් රටවලින් පැමිණි බැතිමතුන්ද සිටි බවත් ඔවුන් අතර ඉන්දුනීසියාවෙන් පැමිණි 72ක් තයිලන්තයෙන් පැමිණි 71ක් නේපාලයෙන් පැමිණි 19ක් මැලේසියාවෙන් පැමිණි 20ක් මියන්මාරයෙන් පැමිණි 33ක් ශ්‍රී ලංකාවෙන් පැමිණි 34ක්  බන්ගලාදේශයෙන් පැමිණි 19ක් සහ කිරිගිස්තානයෙන් පැමිණි 28 ක්ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටි බවද අපි පවසා සිටියෙමු.

තවද COVID-19 වෛරසය චීනයට පැමිණියේ 2019 ඔක්තෝබර් මාසයේදී චීනයේ වුහාන් පළාතේ පැවැති ජගත් යුද හමුදා ක්‍රීඩා උළෙළට පැමිණි හමුදා නිළධාරීන්ගෙන් බවට ඉතාම තර්කානුකූල ලෙස චීනය විසින් අමෙරිකාවට චෝදනා කර තිබුණි. මේ අතර ඩෙන්මාක් ආයෝජන බැංකුව හෙවත් සැක්සෝ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මෙන්ම  ප්‍රධාන තොරතුරු නිළධාරි ස්ටීන් ජැකොබ්සන් මහතා පෙන්වා දුන්නේ COVID-19 වෛරසය වත්මන් ලෝක ආර්ථික අර්බූදයේ එකම සහ ප්‍රධාන වග උත්තරකරුවා නොවන බවත් මෙම ආර්ථික අර්බූදය අපේ කාලයේ මුහණ දෙන විශාලතම ආර්ථික අර්බූදයයද වන බවයි. ඔහුට අනුව මෙවැන්නක් සිදුවීමට හේතු භූත වූයේ ඉල්ලුම, සැපයුම් දම්වැල සහ බලශක්ති ක්ෂේත්‍රය යන ත්‍රිත්වයම එකම මොහොතේ කඩා වැටීමයි. ඉහත කී සාධක තුනෙහි බිඳ වැටීම සහ ලෝකය පුරා සිදුවූ සමාජ දුරස්ථීකරණය ලෝක ජනයාගේ පරිභෝජන රටාව බිඳ වැට්ටවීමට හේතු වූ බව පෙන්වා දෙන ඔහු ලෝක ආර්ථිකයෙන් 70% ක්ම ක්‍රියාත්මක වන්නේ පරිභෝජනයමත බව අවධාරණය කර සිටියි.“මෙතරම් විශාලත්වයකින් සිදුවන ලෝක ආර්ථික අර්බූදයක් අප අත්විඳින පළමු අවස්ථාව මෙයයි.2020 වසර යනු ලෝක ආර්ථිකයේ අවපාතය සිදුවන වසරයි.ඒ බව දැනටමත් තහවුරු කර හමාරයි.”ළෙස ඔහු අවධාරණය කර සිටී.ඔහුට අනුව 2020 වසරේ දෙවන කාර්තුව වන විට දළ දේශීය නිෂ්පාදනය 20% සිට 50% දක්වා පහත වැටීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකියි.

 

එපමණක් නොවෙයි ඔහුට අනුව වසර පුරාවටම ලෝක දළ දේශීය නිෂ්පාදනය දිගින් දිගටම බිඳ වැටීම සිදුවේ. ආර්ථික විද්‍යාඥයාගේ පැහැදිලි කිරීමට අනුව ආර්ථික අර්බූදය තව තවත් තීව්‍ර කිරීමට  COVID-19 වෛරසය හොඳ උත්තේජනයක් පමණක් විය. “අප මෙතෙක් අණුගමනය කළ ආර්ථික මොඩලය ඉතාමත් සංසුන් මෙන්ම ණය මතම යැපෙන ස්වභාවයකට ඇද දමා තිබෙනවා.” යැයි ආර්ථික විද්‍යාඥ ස්ටීන් ජැකොබ්සන් මහතා අවධාරණය කරයි.” අප සැවොම ජීවත් වන්නේ ලෝක ආර්ථිකයට  කිනම් හෝ අකාරයකින් ගැට ගැහෙමිනුයි. එසේම මෙම ආර්ථික අවපාතයේ අතුපතර වලට අපි කුමණ ආකාරයකින් හෝ හසු වෙනවා.අද ලෝකය මුහුණ දෙන මෙම අභියෝගයේදී කිසිදු ජයග්‍රහකයෙකු නැත ඇත්තේ පරාජිතයන් පමණි.” යනුවෙන් ඔහු අද ලෝකය මුහුණ දෙන ආර්ථික අර්බූදයේ තරම  පැහැදිළි කර සිටියි. ඔහුට අනුව COVID-19 වෛරසය යනු හිතා මතා ආර්ථික අර්බූදයේ දිග පළල වසා තැබීම වෙනුවෙන් භාවිතා කරන අමානුෂීය මෙවලමකි.

මේ සියලු කාරනා සැලකිල්ලට ගත් කළ මුළු ලෝකයම ධනපති ක්‍රමයේ අර්බූදය හේතුවෙන් දැවැන්ත දුෂ්කරතාවයන් වලට මුහුණ දීම ආරම්භ කළා යැයි නිගමණයකට පැමිණීම වැරදි නොවන බව අපගේ හැඟීමයි. එක් අතකින් මෙම ධනපති ක්‍රමය තුළ අමෙරිකාව සුපිරි බලවතා බවට පත්වී තිබෙන්නේ නව අධිරාජ්‍යයක් ගොඩනගමින් බව පැහැදිළිව විද්‍යාමාන වේ. එය පැරණි රෝම අධිරාජ්‍යය හෝ පැරණි හිරු නොබසින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය මෙන්ම බැලූ බැල්මට අමානුෂික නොවන සමහර විට පැරණි අධිරාජ්‍යයන්ටත් එහා ගිය අමානුෂිකත්වයක් පෙන්වන අධිරාජ්‍යයකි. තමනට තර්ජනයක් වන සතුරා ද මිතුරා ද කියා නොබලා විනාශ කරන වැඩපිළිවෙලක් අමෙරිකාව තුළ අඩංගුව පවතී. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ ඔවුන් විසින් මෑත කාලීන ලෝක ඉතිහාසයට එක් කර දී තිබේ. ලතින් අමෙරිකානු කලාපයේ හියුගෝ චාවේස් ඇතුළු එක් එක් රටවල ජාතික නායකයෝ පිළිකා වලට ගොදුරු වන්නේත් එම රටවල ජාතික නායකයෝ බලයෙන් පහවී අමෙරිකානු හිතවාදී රූකඩ නායකයන් බලයට පත් වන්නේත් අමෙරිකානු අධිරාජ්‍යයවාදයේ ආශිර්වාදය  නිසා බව මෑත කාලීන ලෝක ඉතිහාසය හැදෑරීමෙන් තේරුම් ගත හැක.
චීනයට අමතරව ඉරානයද COVID-19 වසංගතය අමෙරිකාව තමනට එල්ල කරන ලද ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක් බවට ඔවුන්ගේ ඉහළම ගනයේ හමුදා නායකත්වය සැක පහළ කරන බව  ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.  යුරෝපය පුරා COVID-19 වෛරසය වසංගතයක් ආකාරයෙන් පැතිරී යන මේ මොහොත වන විට එම රටවලට වෛරසය පැතිරීමේ මූලයන් එම රටවල් විසින් සොයා නොබැලුවද චීනය නොවන මූලයකින් එම රටවල වෛරසය ආසාදනය පැතිරී ඇති බවට ප්‍රභල සාක්ෂි මතුවෙන බව මාධ්‍යය වාර්තා දෙස් දෙයි. ප්‍රංශයට අයත් එකම ප්‍රහාරක ගුවන් යානා ගොඩ බෑ හැකි චාල්ස් ඩිගෝල් නෞකාවේ නාවිකයන්ගෙන් තුනෙන් එකකට වෛරසය ආසාදනය වී ඇතැයි පැවසෙන විට නෞකාවේ සේවයට භටයන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් මගින් පැමිණි අමෙරිකානු භටයන් හතර දෙනෙකුගෙන් දෙදෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබුණි.

දැන් අපට පැන නගින ගැටලුව නම් COVID-19 වෛරසය අමෙරිකානු ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක ප්‍රතිඵලයක් නම් මේ වන විට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන්නේ ඇයිද යන්නයි. අමෙරිකාව ලෝක ආර්ථික බලවතා බවට පත්වී ඇත්තේ අමෙරිකානු ආර්ථිකයේ පෙන්වන අංක ගනිත විජ්ජාවකින්ය යන්න දේශපාලන ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුනට අනුව ඩොලර් ට්‍රිලියන හයක් යැයි පවසන ආමෙරිකානු ආර්ථිකයේ සැබෑ අගය ඩොලර් ට්‍රිලියන දෙකකි. ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය යනු එක් එක් අමෙරිකානු නිවසක ඇති ශිතකරණයේ ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය පමණයි. සියළු ආහාර සැපයුම් පාලනය වන්නේ සමාගම් හරහායි. ලිපියේ ඉහතදී සඳහන් කළ ලෝක ආර්ථික අර්බූදයේ හැඩතල අමෙරිකානු ආර්ථිකය තුළ අපූරුවට විද්‍යාමාන වී සැලකිය යුතු කාලයක් ගතවී තිබුනි. අමෙරිකානු ජනයාගේ රත් වී ගෙන එන ඉහමොළ සිසිල් කිරීමට නම් ආපදාවක් අමෙරිකාවට අවශ්‍යම වී තිබූ මොහොත අප මේ ගෙවමින් තිබෙන මොහොතයි. අමෙරිකානු ගුවණ තරම් ආරක්ෂිත ගුවනක් මුළු ලෝකයේම නැතැයි පාරම් බාමින් සිටි අමෙරිකාව පවසා සිටියේ 2001 සැප්තැම්බර් 11 වෙනි දින ත්‍රස්තවාදීන් පැය දෙක හමාරක කාලයක් අමෙරිකානු රේඩාර් යන්ත්‍රවලට ගුවන් ආරක්ෂණ පද්ධතියට හසු නොවී පෙන්ටගනය ඇතුළුව අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කළ බවයි.ඒ වන විටත් අමෙරිකානු පාලන තන්ත්‍රයට ඇෆ්ගනිස්ථානයට ප්‍රහාර එල්ල කර ගැනීමට හොඳ පොටක් පාදා ගැනීමේ උවමනාවෙන් පෙළී සිටියේය.සැප්තැම්බර් 11 ප්‍රහාරය දෙවෙනි උවමනාව වෙනුවෙන් සකස් කළ ආපදා සැලසුම බව ලෝක ජනයාට වැටහෙන විට අමෙරිකානු අශ්වයා ඉස්තාලෙන් පැන ගොස් බොහෝ කල් ගත වී ගොස්ය.ඒ අනුව අප මේ ගත කරන්නේද අමෙරිකානු ජනයා ආපදාව පෙන්වා කළමනාකරනය කළ යුතුම මොහොතයි.

 

මේ මොහොතේ අවම මිලක් ගෙවා උපරිම මිළ ගෙවීම නැවැත්වීමේ ලේ තැවරුණු උපක්‍රමය අමෙරිකාව විසින් තෝරා ඇති බව දේශපාලන ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ.අවම මිළ මළමිනී වලින් නොගෙව්වොත් සමස්ත අමෙරිකානු අධිරාජ්‍යයම සුනු විසුනු වී යන බව අමෙරිකානු අධිරාජ්‍යයවාදීන් හොඳාකාරම දනිති. ඒ අනුව ලක්ෂ දෙකක අමෙරිකානු ජනයාගේ මළ මිනී අමෙරිකානු අධිරාජ්‍යය පවත්වා ගෙන යාමට අවශ්‍යය යන අමෙරිකානු අධිරාජ්‍යයවාදයේ තීන්දුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උද්ද්ච්ඡ කටින් ලොවට දෙසා බා අවසන්ය. ලෝකයේ කිසිදු රටක කිසිදු නායකයෙකු වෛරසය ආසාදනයෙන් තමාගේ රටේ මෙතරම් පිරිසක් මිය යන්නේ යැයි පවසා ඇති බවක් ලියුම්කරුගේ මතකයට නම් නැගෙන්නේ නැත. දැන් අමෙරිකානු අධිරාජ්‍යයට ඇත්තේ ඩෙන්මාක් ආයෝජන බැංකුව හෙවත් සැක්සෝ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මෙන්ම  ප්‍රධාන තොරතුරු නිළධාරි ස්ටීන් ජැකොබ්සන් මහතා පවසන පරිදි 70%කින් පමණ කඩා වැටී තිබුණු අමෙරිකාව ප්‍රමුඛ ලෝක ආර්ථිකය(ධනපති ආර්ථිකය ) නැවත ඉක්මනින් පණ ගසා ගැනීමට නම් හෝ කඩා වැටීමේ ඛේදවාචකයට සියලු රටවල් එක් කර ගැනීමට නම් කළ යුතු දේ කළමනාකරණය කර ගැනීමයි. ඒ අනුව චීනය සහ ඉරානය සෘජු ප්‍රහාරයට ලක් කර ඇති බව සාක්ෂි සහිතවම ඔප්පු වෙමින් පවතී. දැන් අමෙරිකාවට ඉතිරිව ඇත්තේ ආසියාවේ දෙවෙනි විශාලතම ආර්ථික දැවැන්තයා මෙන්ම 2019 වර්ෂයේදී ප්‍රංශයේ ආර්ථිකයද පසුකර ගිය ලෝකයේ පස්වෙනි ආර්ථික බලවතා වන ඉන්දියාවද බිම දමා ගැනීමේ සූක්ෂම ක්‍රියාවලියට පණ පෙවීමයි.එක් අතකින් අමෙරිකාව සතුරු චීනයට පහරදී මිතුරු ඉන්දියාවට මාරාන්තික උගුල් ඇටවීම ලෙස මෙය හඳුනාගත්තද වරදක් නොවේ.මීට අවුරුදු හත අටකට ඉහතදී පළවූ නිව්ස්වීක් සඟරාවක අනාගත ඉස්ලාම් මූලධර්මවාදයට යට වන රටවල සිතියමක් ඉදිරිපත් කර තිබුණි. එම සිතියමේ ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබුනේ අනාගත ඉස්ලාම් මූලධර්මවාදී රටවල් ලෙසිනි.
ශ්‍රී ලංකාව එම සිතියමේ හිමිකරුවා බවට පත්කර ගැනීමේ උවමනාව පෙරදැරි කරගෙන ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වීමේ කූටප්‍රාප්තිය පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාරය ලෙස එළි දැක්වූයේ එතෙක් මෙතෙක් තනි රටක එක් දිනක් තුළ නිෂ්චිත මොහොතක වැඩිම ප්‍රහාර මාලාවක් එල්ලවූ රට ලෙසය. මෙවැනි තිරස්චීන ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඉස්ලාම් භක්තිකයාට  නොහැකි නිසාම වහබ්වාදය අප මව් රටේ පැල කිරීම දිගු කළක සිට කෙරී ඇති බව මේ වන විට හොඳින්ම තහවුරු වී තිබේ. නමුත් ඉන්දියාවේ හින්දු ජාතිකවාදයේ ඇති ප්‍රබලත්වය නිසාම ශ්‍රී ලංකාවේ තරම් පහසුවෙන් එවැනි ප්‍රහාර සහ අනෙකුත් කටයුතු වහාබ්වාදී ඉස්ලාම් අන්තවාදීන්ට කරගෙන යා නොහැක. එහෙත් ඔවුහු උත්සාහය අත්හැර තිබුනේද නැත. ඉන්දියාවේදී තබ්ලික් ජමාද් නම් ඉස්ලාම් නිකායට අයත් දකුණු දිල්ලියේ පිහිටි නිසමුදින් නැමැති ඉස්ලාම් දේවස්ථානය ඉන්දියාවේ ඉස්ලාම් අන්තවාදය මෙන්ම අවශ්‍යය විටක ඉන්දියාව බිම වැට්ටවීමේ උවමනාවෙන් ක්‍රියාත්මකව ඇති බව COVID-19 වෛරසය ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් පසුව ඉන්දීය පාලක පැලැන්තිය අවබෝධ කරගෙන ඇති බව දැන් දැන් ඉන්දියාවෙන් ලැබෙන මාධ්‍යය වාර්තා දෙස් දෙයි. ඉන්දියාවේ COVID-19 වෛරස් වසංගතය පැතිරවීමේ අපි කේන්ද්‍රය ලෙස නිසමුදින් පල්ලිය බව හඳුනාගත් ඉන්දීය බලධාරීන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැඩපවත්වද්දී එහි ඇති සාර්ථකත්වය නිසාම ඉන්දියාව, අමෙරිකානු  අධිරාජ්‍යය බලාපොරොත්තු වූ මට්ටමින් ඇදගෙන වැටීම වලකින බව අමෙරිකානු බලධාරීන් මේ වන විට හඳුනාගෙන ඇත. දැන් ඇත්තේ ඉන්දියාවේ ස්ථානගත කර ඇති අමෙරිකානු “සහයට ඩැනීලා” ක්‍රියාත්මක විය යුතු අවධියයි.
අමෙරිකානු අධිරාජ්‍යයවාදීන්ගේ සහයට ඩැනීලාට නොයෙක් මුහුණුවර තිබේ. ස්වාධීන බුද්ධිමතුන්,මානව හිමිකම් ක්‍රියාකාරීන්,කලාකරුවන්, විද්‍යාඥයන් ආදී විවිධ වෙස් මුහුණු ඔවුන් සතුවේ. ඔවුන් ගේ ක්‍රියාකාරකම් කුමක් වුවත් ඔවුන් හඳුන්විය හැකි පොදු නම සීඅයීඒ කරුවා යැයි කීම සරලය. මේ සීඅයීඒ කරුවෝ සිරියානු ආන්ඩුව බිඳ වැට්ටවීමට අවි අතට ගෙන සටන් කරන ඉස්ලාම් අන්තවාදින්ට හැංගෙන්නට තැනක් නැතිවන ලෙස පහර වදින විට “සුදු හෙල්මට් කරුවෝ” ලෙස කරලියට එන්නේ තම හාම් පුතාගේ කුලී සටන් කරුවෝ ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මෙම “සුදු හෙල්මට් කරුවෝ” අමෙරිකානු අධිරාජ්‍යයවාදියා තමන් වෙත පවරන ඕනෑම තිරස්චීන ක්‍රියාවක නිරතවීමට තරම් ලොකු ගෙවීමක් ලබන කුලී කරුවන් බව දැන් දැන් ලොවට හෙලිවී හමාරය. ඉන්දියාවේ තබ්ලිග් ජමාත්වරු හතර ගාතෙන් ඇදවට්ටන්නට ඉන්දියානු රජය ප්‍රමුඛ ආරක්ෂක අංශ මෙන්ම ඉන්දීය ජනයාට හැකිවන විට තබ්ලිග් ජමාත්ලාගේ සහයට අමෙරිකානු රජයේ සෘජු සහය ලබන ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසම US Commission for International Religious Freedom – USCIRF) අප්‍රතිහත උත්සාහයක යෙදෙමින් සිටී. එම සංවිධානය මීට පෙර ඉන්දියාව නව පුරවැසි පනත හඳුන්වා දුන් අවස්ථාවේ එයට විරෝධයපාන්නවුන්ට සහය වීමටද කිසිදු හිරිකිතයකින් තොරව ඉදිරියට පැමිණි සංවිධානයකි.
ඉන්දියාවේ අන්තවාදී මුස්ලිම් සංවිධානවලට නතු විය හැකි නූගත් මුස්ලිම් ජනයා COVID-19 වෛරසය ආසාදනයෙන් බේරා ගැනීමේදී  ඉන්දීය ආරක්ෂක අංශ අමානුෂික බවක් පෙන්නුවද ඉස්ලාම් භක්තිකයන් යැයි වෙනමම සලකමින් ඉන්දියානු රෝහල් තුළ සෞඛ්‍යය බලධාරීන් කටයුතු නොකරයි. නමුත් ඉන්දියාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසම ඉන්දියානු රජයට සෘජුවම චෝදනා කරන්නේ රෝහල් තුළදි වෛරසය ආසාදනයට ලක්ව ඇති ඉන්දීය ඉස්ලාම් භක්තිකයා ගර්හාවට ලක් කරන බවයි. මේ සම්බ්න්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ඉන්දීය විදේශ සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන අනුරාග් ශ්‍රීවස්ට්‍රාවා මහතා ප්‍රකාශ  කරන්නේ COVID-19 වෛරස් ආසාදනය වූවන් සුවපත් කරමින් සිටින ඉන්දීය සෞඛ්‍යය අංශ අපහසුතාවයට ලක් කරන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින ලෙසයි. මේ අතර  ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසම නිකුත් කර ඇති වාර්තාවෙන් සෘජුවම චෝදනාවට ලක්වන ගුජරාට ප්‍රාන්ත ආන්ඩුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අනුරාග් මහතා ප්‍රකාශ කරන්නේ ගුජරාට් ප්‍රාන්තයේ  කිසිම සිවිල් රෝහලක  වෛරසය ආසාදනය වු කුමන හෝ ආගමක් අදහන්නෙකු  කිසිදු ආකාරයකින් ගර්හාවට ලක්වන ක්‍රියාමාර්ග ගෙන නැති බවයි.ඒ අනුව ඉන්දියාව COVID-19 වෛරසය මර්ධනයේදී ගන්නා ක්‍රියාමාර්ග වලට කිසිදු ආකාරයක ආගමික හෝ වාර්ගික මුහුණුවරක් ලබාදීමට කටයුතු නොකිරීමට  වග බලාගන්නා ලෙස  ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසම වෙත දන්වා සිටින බවද අනුරාග් මහතා ප්‍රකාශ කර සිටී.
දැන් ඇත්තේ ශ්‍රී ලංකාවේ සිය ගන්නක් වූ අමෙරිකානු ආධාර ලබන සංවිධාන,පුද්ගලයෝ ,ඊනියා කාල්(1\4 ) මාක්ස්වාදී සංවිධාන ක්‍රියාත්මක වීම ආරම්භ වන කාලයයි.”පාර්ලිමෙන්තුව නැවත කැඳවනු” ලෙස නැගෙන කෙඳිරිය ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරින් හරහා මැතිවරණ කොමිසමේ හූල් වැනි නිළධාරින් හරහා හෝ අධිකරනයේ මතය විමසන මගඩියක් දක්වා දිග හැරෙන්නට නියමිතය. දැනටමත් ගොනා හැරෙන්නේ පොල් පැලය කෑමට බව මැකො විසින් පෙන්වා හමාරය.දැන් ඇත්තේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන ලෙස වෛරසය පාලනය අප අතේ නම් කුමන්ත්‍රණකාරීන් පාලනය කිරීමද අතට ගැනිම බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආන්ඩුව වටහා ගත යුතුය.

ජීවන්ත ජයතිස්ස,
සම්බන්ධීකරණ ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය.
jeewanthaj@gmail.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More